Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වි-20 ලෝක ශූරයන්ට කෝටි 32 ක්

වි-20 ලෝක ශූරයන්ට කෝටි 32 ක්

editorial - 2021 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර පැවැත්වෙන අයි.සී.සී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජයග‍්‍රාහි කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 ක පමණ මුදලක් පිරිනමනු ඇත. අනුශූරයන්ට ඇමරිකානු ඩොලර් 800,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 16 කට ආසන්න මුදලක් හිමිවනු ඇත.

 

  ඉන්දු - පාකිස්තානු තරගයේ ප‍්‍රවේශපත් අවසන්
  මඩුගල්ලේ - ධර්මසේන තරග නිලධාරීන් අතරට
  ශ්‍රී ලංකාවට ලකුණු 19 ක පහසු ජයක්
  පිතිකරු ලයිස්තුව සැකසීමේ අවසන් අවස්ථාව
  ප්‍රේක්‍ෂකයන් 70 % කට අවසර
  ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි
  පිතිකරුවන් සාර්ථක වෙනවා නම්....
  තවත් පුහුණු තරග 2 ක්
  ෂොයිබ් මලික් පාකිස්තානු පිලට
  නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට

අවසන් පූර්ව වටයේදී ඉවත්වන කණ්ඩායම් දෙක ස`දහා ඇමරිකන් ඩොලර් 400,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 80 ක් ත්‍යාග මුදල් ලෙස ලැබෙනු ඇත.

මෙම තරඟාවලිය සඳහා සමස්තයක් ලෙස සහභාගී වන කණ්ඩායම් 16 අතර ත්‍යාග මුදල් ලෙස බෙදාදීමට ඇමරිකානු ඩොලර් මිලියන 5.6 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 112 ක පමණක් මුදලක් වෙන් කෙරේ.

2016 තරගාවලියේදී මෙන්ම මෙවරත් සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය තුලදී සෑම ජයග‍්‍රහණයක් සඳහාම බෝනස් ත්‍යාග මුදලක් ප‍්‍රදානය කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව කටයුතු කරනු ලබයි. සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියේදී තරඟ 30 ක් පැවැත්වෙන අතර ඒවායේ ජයග‍්‍රාහකයින්ට ඇමරිකානු ඩොලර් 40,000 ක් හෙවත් ශ්‍රී ලංකාමේ මුදලින් රුපියල් ලක්‍ෂ 80 ක් ගෙවනු ඇත. ඒ අනුව සමස්තයක් ලෙස සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියේ ජයග‍්‍රහණ සඳහා හිමිවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 24 ක් වනු ඇත.

සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියෙන් ඉවත් වන කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් 70,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 14 ක්) බැගින් පිරිනමන අතර එහි මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 560,000 කි. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 112 ක්)

සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ ජයග‍්‍රහණ වලදී කණ්ඩායම් සඳහා ත්‍යාග පිරිනැමීම සඳහාත් ඉහත සැලැස්මම ක‍්‍රියාත්මක වන අතර, එම තරග 12 තුලදී ඇමරිකානු ඩොලර් 40,000 ක ත්‍යාග මුදලක් පිරිනමන අතර එහිදි මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 480,000 කි. සුදුසුකම් ලබාගැනීමේ තරග වටයෙන් ඉවත්වන කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 40,000 බැගින් කණ්ඩායම් 4 ට ඇමරිකානු ඩොලර් 160,000 ක දීමනාවක් හිමිවනු ඇත.

බංග්ලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය,  ඕමානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනීමේ තරග වටයට සහභාගී වන කණ්ඩායම් අටට අයත් වන්නේය. තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට කෙලින්ම සුදුසුකම් ලබාගත් කණ්ඩායම් අතරට ඇෆ්ගනිස්ථානය,  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අට එක්ව සිටී.

මෙවර තරඟාවලියේ ත්‍යාග මුදල් වලට අමතරව, සෑම තරඟයකම සෑම ඉනිමක් තුල සිසිල් පැන් පානය කිරීම සඳහා විවේකයක කාලයක්ද අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් නිවේදනය කර තිබේ. මෙම විවේක කාලය විනාඩි 2 තත්පර 30 ක් වන අතර එය සෑම ඉනිමකම  ඕවර 10 ක් අවසන් වූ පසු ලබාගත් හැක.

- 2079

 


අදහස් (0)

වි-20 ලෝක ශූරයන්ට කෝටි 32 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.