Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂොයිබ් මලික් පාකිස්තානු පිලට

ෂොයිබ් මලික් පාකිස්තානු පිලට

editorial - 2021 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන පාකිස්තානු සංචිතයට ෂොයිබ් මලික් ඇතුළත් කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කළ මූලික සංචිතයෙන් ෂොයිබ් මලික් ඉවත් කර තිබූ නමුත් එහි සිටි ෂොයිබ් මක්සූද් ශාරීරික ආබාධයකට ලක්වීම හේතුවෙන් වඩාත් පළපුරුදු කී‍්‍රඩකයකු වන ෂොයිබ් මලික්ට දොර විවෘත වී තිබේ.

  ඉන්දු - පාකිස්තානු තරගයේ ප‍්‍රවේශපත් අවසන්
  මඩුගල්ලේ - ධර්මසේන තරග නිලධාරීන් අතරට
  ශ්‍රී ලංකාවට ලකුණු 19 ක පහසු ජයක්
  පිතිකරු ලයිස්තුව සැකසීමේ අවසන් අවස්ථාව
  ප්‍රේක්‍ෂකයන් 70 % කට අවසර
  ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි
  පිතිකරුවන් සාර්ථක වෙනවා නම්....
  තවත් පුහුණු තරග 2 ක්

මේ වන විට 39 හැවිරිදි වියේ පසුවන ෂොයිබ් මලික්, 2009 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් පාකිස්තානු පිලේ සාමාජිකයෙකි. විස්සයි-20 අන්තර්ජාතික තරග 116 ක් කී‍්‍රඩා කර ඇති, කී‍්‍රඩාවේ ප‍්‍රවීණයකු වන මලික්, ඒවායේදී ලකුණු 2335 ක් ලබා කඩුලූ 28 ක් දවාගෙන තිබේ.

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ෂොයිබ් මක්සූද් පාකිස්තානු සංචිතයෙන් ඉවත්කර ඇත. මක්සූද් පාකිස්තානය වෙනුවෙන් විස්සයි-20 අන්තර්ජාතික තරග 26 ක් කී‍්‍රඩා කරමින්, ලකුණු 273 ක් රැස්කළ කි‍්‍රඩකයෙකි. ඔහුගේ ලකුණු රැුස්කිරීමේ ප‍්‍රවේගය 116.7 කි.

මේ අතර පාකිස්තානු ලෝක කුසලාන සංචිතයේ තවත් වෙනස්කම් 3 ක් කර ඇත. අසාම් ඛාන්, මොහොමඞ් හස්නයින් සහ කුෂ්ඩිල් ෂා වෙනුවට පළපුරුදු කී‍්‍රඩකයන් වන සර්ෆ‍්‍රාස් අහමඞ්, හයිදර් අලී සහ ෆකර් සමාන් පාකිස්තානු ලෝක කුසලාන කණ්ඩායමට කැඳවා තිබේ.

පාකිස්තානු පිලේ පළමු වැනි ලෝක කුසලාන තරගය මේ මස 24 වැනිදා ඉන්දියාවට එරෙහිව ඩුබායි නුවරදී පැවැත්වේ.

- 213


අදහස් (0)

ෂොයිබ් මලික් පාකිස්තානු පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.