Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට

නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට

editorial - 2021 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද කී‍්‍රඩකයන් 15 දෙනා අතුරින් කී‍්‍රඩකයන් 4 දෙනකු වෙනස්වනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ ලෝක කුසලාන කණ්ඩායමට පැතුම් නිස්සංක, ළහිරු කුමාර, බිනුර ප‍්‍රනාන්දු සහ අකිල ධනංජය ඇතුළත් වනු ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

  ඉන්දු - පාකිස්තානු තරගයේ ප‍්‍රවේශපත් අවසන්
  මඩුගල්ලේ - ධර්මසේන තරග නිලධාරීන් අතරට
  ශ්‍රී ලංකාවට ලකුණු 19 ක පහසු ජයක්
  පිතිකරු ලයිස්තුව සැකසීමේ අවසන් අවස්ථාව
  ප්‍රේක්‍ෂකයන් 70 % කට අවසර
  ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි
  පිතිකරුවන් සාර්ථක වෙනවා නම්....
  තවත් පුහුණු තරග 2 ක්
  ෂොයිබ් මලික් පාකිස්තානු පිලට

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායමට නම්කළ හැක්කේ කී‍්‍රඩකයන් 15 දෙනකු පමණි. ඒ සඳහා වන මූලික සංචිතයට කී‍්‍රඩකයන් 15 දෙනකු නම්කිරීමෙන් පසුව තවත් 4 දෙනෙක් අතිරේක ලයිස්තුවට ඇතුළත් කරනු ලැබිණ. හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මුහුණදීම සඳහා තවත් කී‍්‍රඩකයන් 4 දෙනකු ඇතුළත් කරමින් මූලික සංචිතය කී‍්‍රඩකයන් 23 දෙනකුගෙන් සමන්විත විය.

එහෙත් තරගාවලියට නම්කරනු ලබන්නේ කී‍්‍රඩකයන් 15 දෙනකු පමණි. ලෝක කුසලාන තරගාවලියට තෝරාගනු ලබන කී‍්‍රඩකයන් නමුකිරීමේ අවසන් දිනය වන්නේ අද (10 වැනිදා) ය.

ලෝක කුසලාන සංචිතය සඳහා පැතුම් නිස්සංක, ළහිරු කුමාර සහ බිනුර ප‍්‍රනාන්දු තිදෙනාගේම ස්ථාන මේ වන විටත් තහවුරු වී තිබේ. නමුත් දඟපන්දු යවන්නාගේ ස්ථානය සම්බන්ධයෙන් අකිල ධනංජය සහ පුලින තරංග අතර තේරීම් කමිටු නිලධාරීහු එහා මෙහා වෙමින් සිටිති.  ඕමානයට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදීත් අකිල ධනංජය දරුණු ප‍්‍රහාරායකට ලක්වූ අතර ඔහුගේ පන්දු  ඕවර 3 කදී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 13 - 5 - 17 ක් ලෙසිනි.

එසේ වුවත් වසර 2012 ලෝක කුසලාන තරගාවලියේදී විස්සයි-20 අන්තර්ජාතික පිටියට පිවිසි අකිල ධනංජය මේ දක්වා අන්තර්ජාතික වි-20 තරග 21 ක් කී‍්‍රඩා කර ඇති පළපුරුදු කී‍්‍රඩකයෙකි. ඒ තත්ත්වය අනුව තවමත් කෝඩුකාරයකු වන පුලින තරංගට වඩා අකිල ධනංජය ඉදිරියෙන් සිටී. මූලික සංචිතයට ඇතුළත් කර සිටි වමතින් ද ඟ පන්දු යවන්නා වන ප‍්‍රවීන් ජයවික‍්‍රම අතිරේක කී‍්‍රඩකයකු වශයෙන් සංචාරයට එක්වනු ඇත.

පැතුම් නිස්සංක මුලින් නම් කරන ලද 19 දෙනාගේ සංචිතයට ඇතුළත් නොවූ කී‍්‍රඩකයෙකි. එහෙත් පසුව නම්කරන ලද අතිරේක කී‍්‍රඩකයන් 4 දෙනාගේ ලයිස්තුවට නිස්සංක ඇතුළත් කරන ලද්දේ යම් හෙයකින් කුසල් ජනිත් පෙරේරා ආබාධයකට මුහුණ දුනහොත් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස යොදා ගැනීමේ අරමුණ ඇතිවය. ඇතැම් විට නිස්සංක සහ කුසල් පෙරේරා යන දෙදෙනාම ආරම්භක පිතිකරුවන්ද විය හැකිය.  ඕමානයට එරෙහිව පැවැති තරග දෙකකදී පන්දු 43 කින් ලකුණු 34 ක් ලබාගැනීමට පැතුම් නිස්සංක සමත් විය.

පැතුම් නිස්සංක කණ්ඩායමට එක්වන්නේ නම් ධනංජය ද සිල්වා හෝ කමිඳු මෙන්ඩිස් දෙදෙනාගෙන් කෙනෙකුට සංචිතයෙන් ඉවත් වීමට සිදුවනු ඇත. එහිදී වඩාත් අවදානමට ලක්ව සිටින්නේ ධනංජය ද සිල්වායි.

ළහිරු මධුශංක සහ නුවන් ප‍්‍රදීප් දෙදෙනාම ආබාධ වලට ලක්ව සිටින බැවින් වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ බිනුර ප‍්‍රනාන්දු දෙදෙනාගේම ස්ථාන බොහෝ දුරට ස්ථාවර වී තිබේ. ඇරත් මේ දෙදෙනාම  ඕමානයට එරෙහිව පැවැති තරග දෙකේදී ඉතාමත් සාර්ථක දස්කම් දැක්වූහ. ළහිරු කුමාර  ඕමානයට එරෙහිව පැවැති තරග 2 කදී ලකුණු 50 කට කඩුලූ 6 ක් දවාගත් අතර බිනුර ප‍්‍රනාන්දු දෙවැනි තරගයේදී ලකුණු 09 කට කඩුල්ලක් දවාගනිමින් විශිෂ්ට ආකාරයෙන් උඩපන්දුවක්ද රැකගත්තේය.

මූලික සංචිතයට තෝරාගත් 15 දෙනාට ඇතුළත් වූ ළහිරු මධුශංක දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව තරගාවලිය පැවැති සමයේදී උරහිසේ ආබාධයකට ලක්විය. එබැවින් ඔහු ශී‍්‍ර ලංකා පිල සමගින්  ඕමානයට නොගියේය. ඔහුගේ ස්ථානයට වමතින් වේග පන්දු යවන බිනුර ප‍්‍රනාන්දු පැමිණෙනු ඇත. බිනුර පසුපෙළ පිතිකරුවකු වශයෙන් ලකුණු කීපයක් කණ්ඩායමට එකතු කිරීමේ හැකියාවෙන් යුත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසින්ද සැලකේ.

ලබන 19 වැනිදා සිය 35 වැනි උපන් දිනය සමරන නුවන් ප‍්‍රදීප්,  ඕමානයට එරෙහිව පැවැති පළමු තරගයේදී පාදයේ කලව මස්පිඬුව පිටුපස ආබාධයකට ලක්විය. ඔහුට අවම වශයෙන් සති තුනක් වත් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇත. එබැවින් නුවන් ප‍්‍රදීප්ගේ ස්ථානය ළහිරු කුමාරට අයත්වනු ඇත.

ලබන ඉරිදා ආරම්භ වන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී නැමීබියාව (18 වැනිදා), අයර්ලන්තය (20 වැනිදා) සහ නෙදර්ලන්තය (22 වැනිදා) සමග තරග වදින ශී‍්‍ර ලංකා කණ්ඩායමට ප‍්‍රධාන තරගාවලියට පිවිසීමට නම්, අවම වශයෙන් මේවායින් තරග දෙකක් වත් ජයගැනීමට සිදුවනු ඇත.

 

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්‍ෂණ, ලහිරු කුමාර, බිනුර ප‍්‍රනාන්දු සහ අකිල ධනංජය

- 213

 


අදහස් (0)

නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.