Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි

ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි

editorial - 2021 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

ඕමානයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග 2 කට සහ  ඉන් අනතුරුව පැවැත්වෙන විස්සයි- 20 ලෝක ශූරතාවලිය සදහා සහභාගී වීමට  ශ්‍රී ලංකා කණ්ඩායම අද දහවල්  කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.  මෙම කණ්ඩායමට ක්‍රීඩකයෝ 23 දෙනෙක් සහ පුහුණු කාර්යමණ්ඩලයේ 13 දෙනෙක් වශයෙන් , සමස්ථ කණ්ඩායම 36 දෙනෙකුගෙන් සමන්විතය.

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ඕමානය බලා පිටත්ව යාමට නියමිතව සිටියේ ඉරිදා රාත්‍රියේය. ඒ සදහා    ඔවුන්ගේ බඩුබාහිරාදිය , ලොරි දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියද , මෙම ක්‍රීඩකයන් රැගෙන යාමට නියමිත ගුවන් යානය එරට පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා ඉරිදා රාත්‍රියේ සිය ගුවන් ගමන අවලංගු කර තිබිණ. කරමින් , කටුනායක ගුවන් තොටුපළ  වෙත නොපැමිණියේය .

එනිසා ක්‍රීඩකයෝ තමන්ගේ බඩුබාහිරාදියද රැගෙන ඉරිදා රාත්‍රියේ නැවතත් හෝටලය බලා ගියහ.  ඔවුන් රැගෙන යාමට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 2372 දරන ගුවන් යානය අද දහවල් පැමිණි හෙයින් අද පස්වරු 01.15 ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව ගියේය.

ඕමානයේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශුරතා තරගාවලිය සදහා ඩුබායි නුවර වෙත පැමිණීමට නියමිතය .

(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල)


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.