Last Update  :  2026-01-26 11:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අල් මුතායිරිගේ සේවය දිගටම

අල් මුතායිරිගේ සේවය දිගටම

editorial - 2026 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වූ කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතාගේ සේවය යළි පිහිටුවන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

ඔහු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මීළඟට ආසන්නයේම යෙදී තිබෙන චීන - තායිපේ සමග තරගයේ සේවයට වාර්තා කරන බව උමාර් මහතා පැවැසුවේ පසුගිය ජනවාරි 22 වැනිදා සිට ඔහු ශ්‍රී ලංකාවේ සේවයන් ඉවත් වූ බවට පළවූ වාර්තා වලට ප්‍රතිචාර දක්වමිනි.

වසර 2024 අගෝස්තු 20 වැනිදා ඔහු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ (පිරිමි) ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලැබීය.ජස්වර් උමාර් මහතා පැවැසුවේ මුතායිරි මහතාගේ මෙතෙක් සේවය ගැන ශ්‍රී ලංකාව වඩාත් සතුටට පත්ව සිටින බැවින් ඔහුට යළි සේවා දිගුවක් ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය උනන්දුවී සිටින බවයි.

ඔහු යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග 12 කට සහභාගි වී ඉන් පහක් ජය ගෙන තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.ඉතිරි තරග හතරක් පරාජයවී තිබේ.කාම්බෝජය (දඬුව්ම් පහර 4 -2), ලාඕසය (2 - 1), බෲනායි (1 - 0), තායිලන්තය (1 - 0), චීන - තායිපේ (3 - 1) ඔහු යටතේ ශ්‍රී ලංකාව පරාජයට පත් කළ රටවල් වේ.

කාම්බෝජය (0 - 0), මියන්මාරය (0 -0) හා මාලදිවයින (1 -1) සමග පැවැති තරග තුනක් එහිදී සමවී තිබේ.මියන්මාරය (0 - 2), යේමනය (0 - 2), තායිලන්තය (0 -1) මාලදිවයින (1-3) සමග පැවැති ජාත්‍යන්තර පාපන්දු තරග හතරක් ඔහුගේ පුහුණු මෙහෙයවීම් යටතේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත.

එළඹෙන මාර්තු 31 වැනිදා චීන - තායිපේට එරෙහිව එරටදී ශ්‍රී ලංකාව 2027 ආසියානු කුසලාන අවසන් වටයට නිර්දේශ ලබා ගැනීමේ ඉතිරිව තිබෙන තරගයට සහභාගි වීමට නියමිතය.එම තරග වටයේදී ප්‍රතිවාදීන් එකි නෙකා දෙවතාවක් මුණ ගැසේ.කොළඹදී චීන - තායිපේ මුණ ගැසුණු පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 3 - 1 ක ජයක් ලැබීය.

පසුගිය ජනවාරි 19 වැනිදා ප්‍රකාශයට පත්වූ ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුවත් ශ්‍රී ලංකාව 194 වැනි ස්ථානයේ තවදුරටත් පසු විය.කෙසේවූවත් එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ සිට 193 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පුහුණුකරු අල් මුතායිරි මහතා යටතේ සමත් විය.

ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වන විට 43 වැනි ස්ථානයේ පසුවේ ආසියානු පාපන්දු සමුළුවේ සාමාජික රටවල් ගණන 46 කි.


අදහස් (0)

අල් මුතායිරිගේ සේවය දිගටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.