Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ‘බී‘ කාණ්ඩයේ ශූරතාව ශාන්ත සර්වේෂස් විදුහලට

‘බී‘ කාණ්ඩයේ ශූරතාව ශාන්ත සර්වේෂස් විදුහලට

editorial - 2023 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී‘ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මාතර ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.

කොළඹ කිරිමණ්ඩල මාවත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත සර්වේෂස් විදුහල ශූරතාවට හිමිකම් කීවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සර්වේෂස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 199 ක් ලබාගත් අතර ඊට පිළිතරුව වශයෙන් මාරිස්ටෙලා විදුහලට ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. සර්වේෂස් දෙවැනි ඉනිමේදී අගනා ශතකයක් ලබාගැනීමට දිනුරු අබේවික්‍රමසිංහ (115) සමත් විය.


ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 199
(විරාන් චමුදිත 50, දෙනුවන් ප්‍රමෝද් 36, දිනුරු අබේවික්‍රමසිංහ 30, චිරාන් නෙත්තරු 30, හසිඳු පෙරේරා 54/5, ෂේන් ආදිත්‍ය 58/2)

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 110
(ෂේන් ආදිත්‍ය 48, කුෂාන් විජේරාම 22/4, චතුම් බිම්සර 02/2, චිරාන් නෙත්තරු 15/2, තරුෂ් දමිඳු 38/2)

ශාන්ත සර්වේෂස් විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 211
(දිනුරු අබේවික්‍රමසිංහ 115, විෂ්ව සුපුන් 43, හසිඳු පෙරේරා 75/4)

 


අදහස් (0)

‘බී‘ කාණ්ඩයේ ශූරතාව ශාන්ත සර්වේෂස් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.