Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නාලන්දා ෆුට්සාල් පාපන්දු ජය 2024 පිලට

නාලන්දා ෆුට්සාල් පාපන්දු ජය 2024 පිලට

editorial - 2024 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ නාලන්දා ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි නලන්දා පාපන්දු සමාජය එක්ව පළමු වරට සංවිධානය කළ ආදි ශිෂ්‍ය අන්තර් කණ්ඩායම් ෆුට්සාල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට 2024 කණ්ඩායම සමත් විය.

කණ්ඩායම 12 ක සහභාගීත්වයෙන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගාවලියේ අවසන් මහ තරගය ගෝල 1-1 ක් ලෙස සමව අවසන් වූ අතර අනතුරුව ක්‍රියාත්මක කෙරුණු දඬුවම් පහර 6 කට පසුව 3-2 කින් 2023 කණ්ඩායම පරාජය කිරීමට 2024 කණ්ඩායම සමත් විය.

අවසන් පූර්ව තරග දෙකද ගෝල සම වීමෙන් අවසන් වූ අතර පළමු අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර 3-2 ක් ලෙස 2016 කණ්ඩායම පරාජය කරමින් 2024 කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේය. 2023 කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර 2-1 ක් ලෙස 2019 කණ්ඩායම පරාජය කරමිනි.

තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් 2024 කණ්ඩායමට කුසලාන සමග රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් 2023 කණ්ඩායමට කුසලාන සමග රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණ.

තරගාවලියට සමගාමීව රුපියල් 50,000 ක පමණ වටිනාකමකින් යුත් නවතම පාපන්දු තොගයක් විදුහලේ ක්‍රීඩා භාර ආචාර්යවරුන් වෙත ප්‍රදානය කිරීමද එම අවස්ථාවේදී සිදු කෙරිණ.


අදහස් (0)

නාලන්දා ෆුට්සාල් පාපන්දු ජය 2024 පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.