Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 67 ක ජයක්
කාන්තා වි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 67 ක ජයක්

editorial - 2024 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි නුවරදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ තුන්වැනි තරගයේදී උගණ්ඩාවේ කාන්තා කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (01 වැනිදා) ලකුණු 67 ක දැවැන්ත ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් සුදුසුකම් තේරීමේ තරගාවලියේ තරග 4 න් 3 ක් ජයගෙන සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කල්වේලා ඇතිවම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

සුදුසුකම් තේරීමේ තරගාවලියේ මූලික වටයේදී තවත් තරගයක් ඉතිරිව තිබියදීම ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ශුද්ධ ලකුණු වේගය 3.462 කි. අද තරගයේදී ලකුණු 155 ක ඉලක්කයක් කරා ගිය උගණ්ඩාවේ කාන්තා කණ්ඩායම ලකුණු 87 කට දැවී ගියේය. 

උගණ්ඩා පිල හමුවේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්හ. අද තරගයේදී චමරි අතපත්තු තරමක් තැන්පත්ව සිටියදී ආක්‍රමණය බාරගත් විශ්මි ගුණරත්න පන්දු 64 කින් ලකුණු 73 ක් ලබාගත්තේ සිය ඉනිම හතරේ පහර 7 කින් සහ හයේ පහර දෙකකින් සරසමිනි. හර්ෂිතා සමරවික්‍රම දැවී යාමෙන් පසුව හසිනි පෙරේරා (30) සහ විශ්මි ගුණරත්න එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 65 ක් එකතු කළහ. 

තවමත් 15 හැවිරිදි දැරියක වන වමතින් දඟ පන්දු යවන ශෂිනි ගිම්හානි අද සිය මංගල අන්තර්ජාතික තරගයට සහභාගි වෙමින් ඕවර 4 කදී ලකුණු 23 කට කඩුලු දෙකක් දවාගත්තාය. මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන නායිකා චමරි අතපත්තු, 2009 ජූනි මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් මංගල තරගයට ක්‍රීඩා කරන විට ශෂිනි ගිම්හානි යන්තම් මාස 6 ක බිළිඳියකව සිටියාය. අද දෙදෙනාම එකම කණ්ඩායමේ ක්‍රීඩා කළහ. 

 

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 4 ට 154 යි
(විශ්මි ගුණරත්න නොදැවී 73, චමරි අතපත්තු 24, හසිනි පෙරේරා 30)

උගණ්ඩා කාන්තාවෝ - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 87 යි
(ජැනට් ම්බබාසි 14, ප්‍රොස්කොවිකා අලාකෝ 36, සාරා වලාසා 10, ඉනෝකා රණවීර 10/2, ශෂිනි ගිම්හානි 23/2, කවීෂා දිල්හාරි 27/2)

 

- 213 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 67 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.