Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව වසර 11කට පසු ජයක් සොයයි

ශ්‍රී ලංකාව වසර 11කට පසු ජයක් සොයයි

editorial - 2024 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර නවයකට පසුව ශ්‍රී ලංකාවට භූතානය මුණගැසෙන දෙරට අතර අන්තර්ජාතික සම්මේලන ශ්‍රී ලංකා කලාපීය ජාත්‍යන්තර පාපන්දු තරගය අද (25) රාත්‍රී 8.45 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලෝක කුසලාන (2026) පාපන්දු සුදුසුකම් තරග වට පරාජිතයන් සඳහා හඳුන්වා දුන් ශ්‍රී ලංකා තායිලන්ත තරගාවලිය සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් හතරකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

කෙසේ වුවත් ජයග්‍රාහකයෙකු නිර්දේශ නොවන දින දෙකකට හා තරග හතරකට පමණක් සීමා වන කොළඹ කලාප තරගාවලිය අද පැවැත්වෙන ඉහත තරගයෙන් නිමාවට  පත්වේ.

සිකුරාදා (22) මධ්‍යම රාත්‍රිය වන තෙක් පැවැති සත්කාරක ශ්‍රී ලංකාව හා පැපුවානිව්ගිනියාව අතර තරගය නිලකුණු තත්ත්වයක් මැද නිම විය. ඒ හේතුවෙන් අද භූතානයට එරෙහිව පැවැත්වෙන තරගයට වඩාත් ආත්ම විශ්වාසයකින් යුතුව සහභාගීවීමේ අවස්ථාව සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩාමට හිමිව තිබේ.

කෙසේවුවත් දෙරට අවසන් වරට මුණගැසුණු 2015 වසරේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වතාවට භූතානයට එරෙහිව පරාජයවීමේ අවමානය ලැබීය. 2018 – මොස්කව් ලෝක කුසලාන කලාපීය සුදුසුකම් තරග වටය යටතේ මෙරටදී  හා තිම්පු නුවර දී 2015 මාර්තු 12 හා 17 වැනිදා පැවැති තරග දෙකක දී පිළිවෙලින් ගෝල 1 - 0 ක් හා 2 - 1 ක් ලෙස පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව අවසන් වරට භූතානයට එරෙහිව2013 දී සාෆ් තරගාවලිය යටතේ තරග ජයක් වාර්තා කර තිබේ. එය ගෝල 5-2 ක් ලෙසට වඩාත් උසස් ජයක් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකාව එහිදී සමත් විය.

කෙසේවුවත් සිකුරාදා රීඩ් මාවතේ දී භූතානය මධ්‍යම අප්‍රිකානු ජනරජයට ගෝල 6-0 කින් පරාජයවීමෙන් පසුව අද ඔවුන් ශ්‍රී ලංකාව මුණ ගැසේ.

2023 වසරේ සිට ඒ දක්වා භූතානය වත්මන් කොරියානු පුහුණුකරු කිම් ටෙන් යටතේ ජාත්‍යන්තර තරග නවයකට සහභාගීවී තිබේ. අවසන්වරට ඔවුන් 2023 ඔක්තෝබර් 17 වැනිදා තිම්පු නුවරදී දෙරට අතර පැවැති ලෝක කුසලාන (2026) සුදුසුකම් තරග වටයේ දෙවැනි තරගයෙන් හොංකොං ගෝල 2-0 කට පරාජයට පත් කිරීමට සමත්වීම කැපී පෙනේ. එහෙත් ඔවුන්ගේ ලෝක කුසලාන 2026 ඉදිරි ගමන එයින් පසුව අවසන් වූයේ දෙරට අතර හොංකොං හිදී පැවැති පළමු තරගය හොංකොං ගෝල 4-0 කට ජයගැනීම නිසා ය.

ඊට ප්‍රථම ආසන්නයේදීම 2023 සැප්තැම්බර් 6 වැනිදා පැවැති සුහද ජාත්‍යන්තර තරගාවලියක දී සත්කාරක මැකාවෝ රාජ්‍යය එරටදීම ගෝල 1-0 කට පරාජය කිරීමට ද භූතානය සමත්ව තිබේ.

මෙම තරග දෙස බැලීමේ දී භූතානයෙන් අද කොළඹ දී ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ලෝක පාපන්දු ශ්‍රේණිත කිරීම් අනුව ද ශ්‍රී ලංකාවට වඩා (204) ඉහළ තැනක කල් ගෙවන භූතානයේ අද එහි තත්ත්වය 184 වැනි ස්ථානයයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව වසර 11කට පසු ජයක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.