Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොළඹ කලාප තරගාවලියට කෝටි 12ක්

කොළඹ කලාප තරගාවලියට කෝටි 12ක්

editorial - 2024 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාත්‍යන්තර සම්මේලන කොළඹ කලාප පාපන්දු තරගාවලියේ වියදම් සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය රුපියල් කෝටි 12ක් පමණ දරා තිබේ. එය තරගාවලියේ සත්කාරය දැරූ ශ්‍රී ලංකාවට අතිරේක ගෙවීමක් ලෙස ලබාදීමට කටයුතු කරනු ඇතැයි වාර්තාවේ.

මෙම තරගාවලිය පසුගිය මාර්තු 22 හා 25 යන දිනවල කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පැවැත්වුණි. එහිදී මධ්‍යම අප්‍රිකානු ජනරජය හා ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් බවට පත්වූ කණ්ඩායම් දෙක බවට පත් වූහ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය පැපුවා නිව්ගිණියාව සමග ජය පරාජයෙන් තොරව අවසන් කළේය. දෙවෙනි තරගයේදී භූතානය එරෙහිව ගෝල 2-0 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලෝක කුසලාන (2026-ඇමරිකාව) අවසන් වටයට සුදුසුකම් උරගා බැලීමේ තරග වට පරාජිතයන් සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හඳුන්වා දුන් නවක තරග මාලාව යටතේ පළමු තරගාවලිය මෙලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරකගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වුණි.

මෙම තරගාවලියේ වියදම් සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් අතිරේක ගෙවීමක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර ඊට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතගත වූ ක්‍රීඩකයන් 23 දෙනාට හා පුහුණු කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකුට දිරි දීමනා ගෙවීමටද ශ්‍රී ලංකා පාපන්දු ආයතනය කටයුතු කර තිබේ.

 

මේ අතර තරගාවලිය පැවති රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ ස්ථිර විදුලි ආලෝක ධාරා පද්ධතියේ නවීකරණ කටයුතු සඳහා පාපන්දු ආයතනය රුපියල් මිලියන 16කට වැඩි මුදලක් වැය කළ බව එහි සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා පද්ධතිය නවීකරණය කිරීමට අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් එම මුදල ගෙවී යන ආකාරයෙන් මෙතැන් සිට වසර දෙකක කාලයක් තුළදී පැවැත්වෙන දෙස් විදෙස් පාපන්දු තරග සඳහා ක්‍රීඩාංගණයේ ගාස්තුවලින් නිදහස් කිරීමට කටයුතු කෙරේ.

දිරි දීමනා ගෙවීම් හැරෙන්නට මාස දෙකක කාලයක් සඳහා වන ගෙවීම් ද ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් සඳහා ලබාදුන් බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ජාතික පාපන්දු සංචිතයේ කොළඹ කලාප තරගාවලිය ඉලක්ක කරමින් කල් ගෙවූ ක්‍රීඩකයන් පිරිසේ ද්විත්ව පුරවැසිලාභීන් වන එතෙර ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ක්‍රීඩකයන් 12 දෙනෙකු පමණ සිටි බව පාපන්දු ආයතනය පවසයි.


අදහස් (0)

කොළඹ කලාප තරගාවලියට කෝටි 12ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.