Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත ජෝෂප් - ත්‍රිත්ව අවසන් සටන අද - හෙට

ශාන්ත ජෝෂප් - ත්‍රිත්ව අවසන් සටන අද - හෙට

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ අවසන් මහ තරගය මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර අද (8 වැනිදා) සහ හෙට (9 වැනිදා) කොළඹ ඒස් කැපිටල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවැති මෙවර තරගාවලියේ පළමු වටය අනු කාණ්ඩ 3 ක් යටතේ පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ සදේෂ් ජයවර්ධන විසින් ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමත්, රහල් අමරසිංහ විසින් ත්‍රිත්ව විදුහල් කණ්ඩායමත් මෙහෙයවනු ලැබූහ.

මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩයේ අනු ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශාන්ත ජෝෂප් විදුහල, එහිදී කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ අවසන් පූර්ව වටයේදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි.

මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ත්‍රිත්ව විදුහල, එහිදී කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ඔවුන් අවසන් මහ තරගයට පැමිණියේ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව විදුහල පරාජයට පත් කරමිනි.

 

ශාන්ත ජෝෂප් විදුහල් සංචිතය
සදේෂ් ජයවර්ධන (නායක), ළහිරු අමරසිංහ (උප නායක), හිරුන් මතීෂ, සහන් දාබරේ, අභිෂේක් ජයවීර, හිරාන් ජයසුන්දර, මුදිත ලක්ෂාන්, දිනුක් සේරසිංහ, කවීන් පතිරණ, යෙනුල දෙව්තුස, රිෂ්ම අමරසිංහ, මානස මධුභාෂන, දුනින් පෙරේරා, ගගන චමෝද්, නරේන් මුරලිදරන්, අචින්ත ද අල්විස්, සසංක රණවීර, සොනොද් සොයිසා, අෂාන් විලුක්ෂාන්, ආසිරි කල්දේරා මහතා (ක්‍රීඩාව භාර ආචාර්ය), ඩිලාන් රාමනායක මහතා (ප්‍රධාන පුහුණුකරු), දිනාල් ධඹරගේ මහතා (සහාය පුහුණුකරු) සහ ටොරින් පිටිගල මහතා (සහාය පුහුණුකරු)

 

ත්‍රිත්ව විදුහල් සංචිතය
රහල් අමරසිංහ (නායක), විභවිත් අහැලෙපොළ (උප නායක), තීරක රණතුංග, සුපුන් වඩුගේ, මනුල කුලරත්න, තරණ විමලවර්ධන, කුසල් විජේතුංග, දිනුෂ පීරිස්, දිනුක තෙන්කෝන්, ජයවි ලියනගම, ජනිත් වර්ණකුල, මලිත් රත්නායක, ලක්වින් අබේසිංහ, වතිල උදාර, යෙවාන් හුලංගමුව, විදුක ධම්මගේ, නවීන් ඒකනායක මහතා (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් මහතා (සහාය පුහුණුකරු) සහ බ්‍රයන් සේනාරත්න මහතා (ක්‍රීඩාව භාර ආචාර්ය)

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් - ත්‍රිත්ව අවසන් සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.