Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශා. ජෝෂප් - ත්‍රිත්ව සම ශූරතා දිනති

ශා. ජෝෂප් - ත්‍රිත්ව සම ශූරතා දිනති

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ සම ශූරතා දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අද (9 වැනිදා) සමත් වූහ.

ඊයේ (8 වැනිදා) සහ අද දෙදින කොළඹ ඒස් කැපිටල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ අතර දෙවැනි දිනයේ තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ත්‍රිත්ව විදුහල ඕවර 19 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 59 ක් ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 202 ක් ලබා ගත්තේය. එහිදී මුත්තයියා මුරලිදරන්ගේ පුත් නරේන් මුරලිදරන් නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

එහිදී මුදිත දිසානායක (79) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද නරේන් සමත් විය. ත්‍රිත්ව විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තීරක රණතුංග ලකුණු 59 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.


ශන්ත ජෝෂප් පළමු ඉනිම - ඕවර 88.2 කදී සියලු දෙනා දැවී 202
(මුදිත දිසානායක 79, නරේන් මුරලිදරන් නොදැවී 71, තීරක රණතුංග 59/5, දිනුක තෙන්නකෝන් 70/3, විභවිත් ඇල්ලෙපොල 20/2)

ත්‍රිත්ව පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී 59
(මනුල කුලරත්න නොදැවී 33)

 


අදහස් (0)

ශා. ජෝෂප් - ත්‍රිත්ව සම ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.