Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket මාරිස්ටෙලා - ශා. සර්වේෂස් අවසන් තරගය හෙට - අනිද්දා

මාරිස්ටෙලා - ශා. සර්වේෂස් අවසන් තරගය හෙට - අනිද්දා

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර හෙට (10 වැනිදා) සහ අනිද්දා (11 වැනිදා) කොළඹ ඒස් කැපිටල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවැති මෙවර තරගාවලියේ පළමු වටය අනු කාණ්ඩ 3 ක් යටතේ පැවැත්විණ. එහිදී කවීන් ප්‍රනාන්දු විසින් මාරිස්ටෙලා විදුහල් කණ්ඩායමත්, චිරාන් නෙත්තරු විසින් ශාන්ත සර්වේෂස් විදුහල් කණ්ඩායමත් මෙහෙයවනු ලැබූහ.

මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මාරිස්ටෙලා විදුහල, එහිදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ අවසන් පූර්ව වටයේදී ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරමිනි.

මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත සර්වේෂස් විදුහල, එහිදී කොළඹ ආනන්ද විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඔවුන් අවසන් මහ තරගයට පැමිණියේ අවසන් පූර්ව වටයේදී ගාල්ල මහින්ද විදුහල පරාජයට පත් කරමිනි.

 


මාරිස්ටෙලා විදුහල් සංචිතය
කවීන් ප්‍රනාන්දු (නායක), ෂේන් ආදිත්‍ය (උප නායක), නවිඳු විජේසූරිය, සචිරු හංසල, අයේෂ් පෙරේරා, සදෙව් රත්නායක, රහුමත් ඩීන්, රමිත් බණ්ඩාර, ලෙවින් ප්‍රනාන්දු, රන්දීර ද සිල්වා, නෙතුම් බස්නායක, අකලංක ප්‍රනාන්දු, මිනෙත් ප්‍රනාන්දු, හසිඳු පෙරේරා, අෂේන් ද සිල්වා, අමීෂ ප්‍රනාන්දු, මනුජ නයනජිත්, ෂෙවින් හේවාවිතාරණ, බිනාල් ප්‍රනාන්දු, රයන් පුංචිහේවා, හංසල කුලසූරිය, ආදිත්‍ය ප්‍රනාන්දු, පවන් එදිරිසිංහ, හස්තික ද සිල්වා, රසුල ප්‍රනාන්දු, දිලාෂ් ප්‍රනාන්දු, සෙනු ලියනගේ, අනිල් ගුණසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), නුවන් රුචිර මහතා (සහාය පුහුණුකරු), අවින්ද දුෂාන් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) සහ එම්. සංජීවන් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය)

 


ශාන්ත සර්වේෂස් විදුහල් සංචිතය
චිරාන් නෙත්තරු (නායක), දමිඳු සංකල්ප (උප නායක), කුෂාන් විජේරාම, දිනිරු අබේවික්‍රමසිංහ, විෂ්ව සුපුන, දෙනුවන් ප්‍රමෝද්, තිෂාන් දෙව්මිත්, චමරිඳු නෙත්සර, මිතිලි චාර්ල්ස්, බිම්සර කුලසේකර, විරාන් චමුදිත, රවීන් ගුණතිලක, තාරුක ඉමාදිත්, කවිත් රන්සර, රිසිනු කිත්මුක, කළණ සංකල්ප, ප්‍රනීත් මිහිරංග, අහමඩ් සජීඩ්, නෙහාර තරුන්, බිනාල් නෙත්මක, අයි.ජී. චාමර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), පී.බී. බුද්ධික මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ ප්‍රියන්ත අබේසේකර මහතා (සහාය පුහුණුකරු)

 


අදහස් (0)

මාරිස්ටෙලා - ශා. සර්වේෂස් අවසන් තරගය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.