Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket තෙවැනි කොටසේ අවසන් තරගයත් හෙට- අනිද්දා

තෙවැනි කොටසේ අවසන් තරගයත් හෙට- අනිද්දා

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ අවසන් මහ තරගය තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සහ යාපනය මැදි විදුහල අතර හෙට (10 වැනිදා) සහ අනිද්දා (11 වැනිදා) මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගාවලියේදී සවිඳු පෙරේරා විසින් මාරිස්ටෙලා විදුහල් කණ්ඩායමත්, අනන්තන් කාජන් විසින් යාපනය මැදි විදුහල් කණ්ඩායමත් මෙහෙයවනු ලබති. අවසන් මහ තරගයට පිවිසීමත් සමග මෙම කණ්ඩායම් දෙකම ලබන වසරේදී (2024) ද‍ෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට සුදුසුකම් ලබාගත්හ.

මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩයේ ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මාරිස්ටෙලා විදුහල, එහිදී බණ්ඩාරවෙල මැදි විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. අර්ධ අවසන් පූර්ව වටයේදී නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරාජය කළ ඔවුන් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ අවසන් පූර්ව වටයේදී මහරගම ජනාධිපති විදුහල පරාජය කරමිනි.

මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩයේ ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි යාපනය මැදි විදුහල, එහිදී බෙන්තොට ගාමිණී ජාතික පාසල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. අර්ධ අවසන් පූර්ව වටයේදී පුත්තලම ආනන්ද විදුහල පරාජය කළ ඔවුන් අවසන් මහ තරගයට පැමිණියේ අවසන් පූර්ව වටයේදී හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල පරාජයට පත් කරමිනි.

 


මාරිස්ටෙලා විදුහල් සංචිතය
සවිඳු පෙරේරා (නායක), විනිල පෙරේරා, සොනාල් නෙත්මිණ, යොහාන් ප්‍රනාන්දු, සමෝද් අප්පුහාමි, සුවහස් යාපා, ශෙනාල් රන්දුනු, කෞෂික සත්සර, පංචම ජයවික්‍රම, චනෝද් මාරසිංහ, විෂ්ව පීරිස්, රවිඳු රාජපක්ෂ, සෙනුක් ලියනගේ, නවාංජය සිල්වා, ඇන්ටන් කවිෂ්ක, නිම්සර මනීෂ, මලිඳු පෙරේරා, පූජ්‍ය ඇන්තනී ෆ්‍රැන්සිස් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) සහ මෙවන් ප්‍රනාන්දු මහතා (පුහුණුකරු)

 


යාපනය මැදි විදුහල් සංචිතය
අනන්තන් කාජන් (නායක), මතීෂ්වරන් සන්සජන්, ජගතීෂ්වරන් විතුෂාන්, සගතීවන් සයන්තන්, සුතර්ෂන් අනුෂාන්ත්, පෝල් පරමතායලන්, නිෂාන්තන් අජේ, රංජිත්කුමාර් නිව්ටන්, සතකාරන් සිමිල්ටන්, තගුතාස් අභිලාෂ්, විකිනේෂ්වරන් පරූති, උතයකුමාර් තර්මිකන්, ජගතීෂ්වරන් අස්විතන්, එම්. ජතුර්සරන්, ටී.ආර්. කිංග්ස්ලි මහතා (ක්‍රීඩා පාලක) සහ කේ. ෂෙල්ටන් මහතා (පුහුණුකරු)


අදහස් (0)

තෙවැනි කොටසේ අවසන් තරගයත් හෙට- අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.