Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket තක්ෂිලා මැදි විදුහල ශූරතාව දිනයි

තක්ෂිලා මැදි විදුහල ශූරතාව දිනයි

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී‘ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට හොරණ තක්ෂිලා මැදි විදුහල සමත් විය.

කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් තක්ෂිලා මැදි විදුහල ශූරතාවට හිමිකම් කීවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජයවර්ධනපුර විදුහලේ පළමු ඉනිම ලකුණු 138 කට සීමා කිරීමට සවිඳු සෙවින් ප්‍රමුඛ තක්ෂිලා විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සෙවින් ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගත්තේය.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ තක්ෂිලා විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 341 ක් ලබාගත් අතර එහිදී සන්දිත් රණවීර ලකුනු 92 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගිනි. ජනිත් ධනංජය (52) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 138
(ජයනු සංකල්ප 42, සචින් ෂෙහාන් 30, සන්විඳු සෙවින් 46/4, රෂාන් නවාංජන 16/2)

තක්ෂිලා මැදි විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 341
(සන්දිත් රණවීර 92, චමෝද් මිහිරාන් 44, ජනිත් ධනජය 52, සනීර මිහිසර 39, දිමන්ත දිනුජය 27, දේෂාන් දිල්මිත් 21, චරිත් හර්ෂන 20, අසිර ජයවර්ධන 39/3, තලීෂ සිල්වා 52/2, බියංක තමීර 90/2)

සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 46
(හේෂාන් උදාර 20, රෂාන් නවාංජන 13/2)

 


අදහස් (0)

තක්ෂිලා මැදි විදුහල ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.