Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාහුල් - ඩි’කොක් ලක්නව් පිල දිනවති
අයි.පී.එල්. - 2024

රාහුල් - ඩි’කොක් ලක්නව් පිල දිනවති

editorial - 2024 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත් විය. මෙය මෙවර තරගාවලියේදී ලක්නව් කණ්ඩායම ලැබූ සිවුවැනි ජය මෙන්ම චෙන්නායි  කණ්ඩායම ලැබූ තෙවැනි පරාජයද විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් ක්‍රීඩකයෝ ඕවර 19 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 134 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ලොකේෂ් රාහුල් (82) සහ ක්වින්ටින් ඩි'කොක් (54) ලක්නව් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.

පන්දු 53 කට මුහුණදුන් රාහුල් හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සිය අ⁣ර්ධ ශතකය සැරසූ අතර පන්දු 43 කදී වාර්තා වූ ඩි'කොක්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. නිකලස් පූරන් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 23 ක් රැස්කිරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබාගත් අතර එහිදී රවින්ද්‍ර ජදේජා පන්දු 40 කින් නොදැවී ලකුණු 57 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය.

ඉනිමේ අවසන් පන්දු කිහිපයේදී වේගවත් ඉනික් ක්‍රීඩා කළ මහේන්ද්‍ර සිං දෝනි, හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් චෙන්නායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 175 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් මුයින් අලී පන්දු 20 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය.

 

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 176
(අජින්ක්‍යා රහනේ 36, රුතුරාජ් ගයික්වාඩ් 17, රවින්ද්‍ර ජදේජා නොදැවී 57, මුයින් අලී 30, මහනේද්‍ර සිං දෝනි නොදැවී 28, කෘනාල් පාණ්ඩ්‍යා 16/2)

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 19 කදී කඩුලු 2 කට 180
(ක්වින්ටින් ඩි’කොක් 54, ලොකේෂ් රාහුල් 82, නිකලස් පූරන් නොදැවී 23)

-036


අදහස් (0)

රාහුල් - ඩි’කොක් ලක්නව් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.