Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එදිරිවීරසිංහම් සමුගනී

එදිරිවීරසිංහම් සමුගනී

editorial - 2024 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම උස පැනීමේ ක්‍රීඩකයකු වන ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් පසුගිය 18 වැනිදා සිය දිවි ගමන නිමා කළේය. ඇමරිකා එක්සත් ජනපදයේදී අවසන් හුස්ම හෙළන විට නාගලිංගම් එදිරිවීරසිංහම් 90 වැනි වියේ පසුවිය. 

නාගලිංගම් එදිරිවීරසිංහම් 1958 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත්තේ මීටර 2.03 ක උසක් පනිමින් ආසියානු වර්තාවක් ද පිහිටුවමිනි. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් දිනාගත් පළමු වැනි රන් පදක්කම ද විය. 1953 දී උස පැනීමෙන් ඔහු විසින් පිහිටුවන ලද ජාතික වාර්තාව වසර 40 ක පමණ කාලයක් නොබිඳී පැවතිණ. 

1954 මැනිලා නුවරදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උස පැනීමෙන් සිව්වැනි ස්ථානය හිමිකරගත් නාගලිංගම්, 1962 ආසියානු ක්‍රීඩා උළෙලේදීත් උස පැනීමෙන් රිදී පදක්කම දිනා ගත්තේය.

තරග බිමෙන් සමුගැනීමෙන් පසු, පුහුණුකරුවකු වශයෙන් ද ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව වෙනුවෙන් අද්වීතීය මෙහෙවරක් කළ නාගලිංගම්, යුද්ධය පැවැති සමයේදී උතුරු නැගෙණහිර පළාත් වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ට උස පැනීමේ ක්‍රීඩකයකු වන මංජුල කුමාරට බොහෝ උපකාර කළ නාගලිංගම්, අවසන් හුස්ම හෙළන මොහොත දක්වාම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය (කලින් ආධුනික මලල ක්‍රීඩා සංගමය) සමගින් නිරන්තර සම්බන්ධතා පවත්වා ගත්තේය. 

නාගලිංගම් 1952 දී හෙල්සින්කි ඔලිම්පික් උළෙලේදීත්, 1956 දී මෙල්බර්න් ඔලිම්පික් උළෙලේදීත් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 

ඔහු යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා තිබේ. 

 

අදහස් (0)

එදිරිවීරසිංහම් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.