Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව 2023 Rugby World Cup පළමු අවසන් පූර්ව තරගය හෙට
ලෝක කුසලාන රග්බි - 2023

පළමු අවසන් පූර්ව තරගය හෙට

editorial - 2023 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු වැනි අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ අර්ජන්ටිනාව අතර, පැරීසියේ පිහිටි ප්‍රංශයේ ජාතික ක්‍රීඩාංගණයේදී හෙට (20 වැනිදා) පැවැත්වෙයි. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට මධ්‍යම රාත්‍රි 12.30 ට ආරම්භ වීමට නියමිතය. 

රග්බි ලෝක කුසලාන තරගාවලි 9 කදීම අවසන් පූර්ව වටයට ක්‍රීඩා කර ඇති නවසීලන්තය අවසන් පූර්ව වටයේ තරග 4 ක් ජයගත් අතර එයින් තුන් වතාවකදීම රග්බි ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමකි. එහෙත් ආර්ජන්ටිනාවට එවන් ජයග්‍රාහී වාර්තාවක් නැත. මෙය ආර්ජන්ටිනාවේ තුන්වැනි ලෝක කුසලාන අවසන් පූර්ව වටයයි.

ලෝක කුසලාන තරග වලදී ආර්ජන්ටිනාවත් නවසීලන්තයත් හමුවී ඇති අවස්ථා තුනේදීම නවසීලන්තය ජයගෙන තිබේ. 

කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ ශක්තියට ඇති එකම සාධකය වන්නේ ඔවුන්ගේ පුහුණුකරුවා කීර්තිමත් ඕස්ටේ්‍රලියානුවකු වන මයිකල් චීකා බැවිනි. මයිකල් චීකාගේ ආර්ජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී පරාජය වී ඇත්තේ එකම තරගයකින් පමණි. 

කෙසේ වෙතත් නවසීලන්ත පුහුණුකරු ඉයන් ෆොස්ටර් කියා ඇත්තේ අවසන් පුර්ව වටයේදී අතීත වාර්තා වලින් පලක් නැති බවයි.
  
- 213


අදහස් (0)

පළමු අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.