Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩකයන් 500 ක සංචිතයක්
එල්.පී.එල් - 2024

ක්‍රීඩකයන් 500 ක සංචිතයක්

editorial - 2024 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජූලි මාසයේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 500 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එල්.පී.එල්. තරගාවලි මාලාවේ පස්වැන්න වන 2024 තරගාවලිය ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙයි. 

ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ජාතීන් 24 කට අයත් ක්‍රීඩකයෝ මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටිති. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සියලුම පූර්ණ සාමාජික රටවල ක්‍රීඩකයෝත් ඔවුන් අතර සිටිති. 

එල්.පී.එල්. තරගාවලිය සඳහා කණ්ඩායම් 5 ක් තරග වදින අතර මෙම කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වෙන්දේසිය මැයි මස තුන් වැනි සතියේදී පැවැත්වීමට නියමිතය. එහෙත් තවමත් ඒ සඳහා දිනයක් නියම කර නැත. 

එක් කණ්ඩායමක් වෙනුවෙන් උපරිම වශයෙන් ක්‍රීඩකයන් 6 දෙනකු තෝරාගත හැකි අතර උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයන් සිව් දෙනකු තරගයකදී කණ්ඩායමට ඇතුළත් කළ හැකිය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතුරින් වයස 23 න් පහළ හෝ 19 න් පහළ ක්‍රීඩකයකු නැතහොත් දෙදෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහාත් නිශ්චිත නිර්දේශයක් වන නමුත් ඒ නිර්දේශය කුමක් විය හැකිද යන්න පිළිබඳව තවමත් තීරණයකට එළඹ නැත. 


තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් අතර පහත සඳහන් ක්‍රීඩකයෝත් සිටිති. 

එංගලන්තය :
රීස් ටොප්ලි

ඕස්ට්‍රේලියාව: 
උස්මන් කවාජා, 

නවසීලන්තය : 
ටිම් සවුති, ජේම්ස් නීෂම්, ඉෂ් සෝධි, මාක් චැප්මන්,

පාකිස්තානය : 
ඉෆ්තිකාර් අහමඞ්, මොහොමඞ් නවාස් සහ නසීම් ෂා

දකුණු අප්‍රිකාව : 
රාසි වැන්ඩර්ඩසන්, රීසා හෙන්රික්ස්, රිලී රූසෝ, ලුන්ගි න්’ගිඩි, කොලින් මුන්රෝ, තබ්රේස් ශම්සි, 

බටහිර ඉන්දීය කොදෙව් :
ශායි හෝප්, ඇන්ඩි ෆ්ලෙචර්, ඔෂේන් තෝමස්, කීමෝ පෝල් සහ ෆේබියන් ඇලන්, එවින් ලුවිස්, 

ඇෆ්ඝනිස්ථානය : 
නසීම් ෂා, රමනුල්ලා ගුර්බාස්, මුජිබුර් රහමන්, නූර් අහමඞ්, ගුලාබ්දීන් නයිබ් සහ ඊබ්‍රහිම් සද්රාන්

බංග්ලාදේශය : 
ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකුර් රහීම්, ටස්කින් අහමඞ්, නජ්මුල් හොසේන් ශන්ටෝ, 


අදහස් (0)

ක්‍රීඩකයන් 500 ක සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.