Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රමේෂ් මෙන්ඩිස් සටන අත නොහරී
සුපර් ලීග් අවසන් තරගය

රමේෂ් මෙන්ඩිස් සටන අත නොහරී

editorial - 2024 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පන්දුවෙන් සුවිශේෂී යමක් කළ නොහැකි වූ නමුත් නායකයකු වශයෙන් සටන අත් නොහළ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 79) ගාල්ල පිලේ ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කරගෙන යමින් සිටී.  පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (01 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට රමේෂ් මෙන්ඩිස්ගේ ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 316 කට දැවී ගියහ. 

ඕවර 10 ක් ඇතුළතදී, ලකුණු 28 කට කඩුලු දෙකක් බිම දැමීමට නිම්සර අතරගල්ල (47/3) සමත් වූ නමුත් ධනංජය ලක්ෂාන් (47) සහ රමේෂ් මෙන්ඩිස් එක්ව ගාල්ලේ ලකුණු සංඛ්‍යාව තල්ලුකරගෙන ගියහ. 

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩිදෙනෙක් කොළඹදී පැවැත්වෙන තුන්කොන් පුහුණු තරගාවලියටත්, තවත් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් හම්බන්තොටදීත් ක්‍රීඩා කරන බැවින් ජාතික සුපර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන්නේ මහත් ඇල්මැරුණු සහ දියාරු ස්වභාවයෙනි. 


මහනුවර - පළමු ඉනිම 316 යි
(පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන් 90, රවීන් යසස් 15, රවිඳු රත්නායක 10, අශියන් ඩැනියෙල් නොදැවී 50, ලසිත් ඇඹුල්දෙණිය 15, ධනංජය ලක්ෂාන් 74/2, තිලංග උදේශන 56/2, අසංක මනෝජ් 46/3, රමේෂ් මෙන්ඩිස් 47/2)

ගාල්ල - පළමු ඉනිම කඩුලු 8 ට 247 යි
(සංගීත් කුරේ 12, ෂෙහාන් ප්‍රනාන්දු 33, ධනංජය ලක්ෂාන් 47, ලක්ෂාන් එදිරිසිංහ 19, විශාද් රන්දික 19, රමේෂ් මෙන්ඩිස් නොදැවී 79, නිශාන් පීරිස් 17, සිතුම් දිසානායක 48/2, නිම්සර අතරගල්ල 47/3, ලසිත් ඇඹුල්දෙණිය 65/2)


අදහස් (0)

රමේෂ් මෙන්ඩිස් සටන අත නොහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.