Last Update  :  2024-05-11 10:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිහිනුම් තරග වාර්තා 5 ක් අලූත් වෙයි

පිහිනුම් තරග වාර්තා 5 ක් අලූත් වෙයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් එක්වැනි ජාතික කී‍්‍රඩා උළෙල ආරම්භ කරමින් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පිහිනුම් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (14 වැනිදා) නව තරග වාර්තා 5 ක් පිහිටුවන ලදි.

එහිදී බස්නාහිර පළාත නියෝජනය කළ ඉෂානි සේනානායක සහ කනිත මුණසිංහ තමන්ගේම වාර්තා අළුත් කිරීමට සමත් වූහ.

මීටර් 800 කාන්තා නිදහස් ආර ඉසව්ව විනාඩි 10.10:56 කින් නිමා කරමින් ඉෂානි සේනානායක සිය පැරණි වාර්තාව (විනාඩි 10.21:90) අලූත් කළ අතර මීටර් 50 පිරිමි ළය ආර ඉසව්ව තත්ත්පර 31:18 කින් නිමා කරමින් කනිත මුණසිංහ සිය පැරණි වාර්තාව (තත්ත්පර 31:40) බිඳ දැමීය.

මීටර 50 පිරිමි පසුපස ආර ඉසව්ව තත්ත්පර 28:58 කින් නිමාකරමින් හේ්ෂාන් උනම්බුව පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට බස්නාහිර පළාත නියෝජනය කළ ඉමේෂ් චතුරංග සමත් විය. ඔහුට ඒ සඳහා තත්ත්පර 28:21 ක කාලයක් වැය විය.

විනාඩි 1.59:91 කින් මීටර් 200 පිරිමි නිදහස් ආර තරගය නිමාකළ මධ්‍යම පළාතේ කේ. පී. ද සිල්වා එම ඉසව්වේ පැරණි වාර්තාව (විනාඩි 2.00:45) බිඳ දැමීමට සමත් විය. එහි පැරණි වාර්තාව දිලංක ෂෙහාන් සතුවිය.

මීටර් 50X4 පිරිමි මිශ‍්‍ර ආර සහය පිහිනුම් තරගය විනාඩි 1.56:56 කින් නිමා කරමින් මධ්‍යම පළාත් කණ්ඩායම පිහිටුවා තිබූ වාර්තාවද අද දිනයේදී බිඳ වැටුණ අතර එහි නව වාර්තාවට (විනාඩි 1.55:96) හිමිකම් කීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.

 


අදහස් (0)

පිහිනුම් තරග වාර්තා 5 ක් අලූත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.