Last Update  :  2026-03-01 18:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සෝන්ඩර්ස් අපරාජිත කිරුළ ගැලවෙයි

සෝන්ඩර්ස් අපරාජිත කිරුළ ගැලවෙයි

editorial - 2026 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ  (2025 -26) සුපිරි අට වටයේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කුරුණෑගල පෙලිකන්ස් ක්‍රීඩකයෝ සමත්ව සිටිති.ඔවුන් හා කොළඹ ජාවාලේන් පිල තවමත් සුපිරි අට වටයේ අපරාජිතව පසුවූවත් ප්‍රසාද ලකුණු10 ක් ලැබීමෙන් පෙලිකන්ස් කණ්ඩායම ලකුණු පුවරුවේ පෙරමුණට එලෙස පැමිණ සිටියි. ජාවාලේන් පිල මාවනැල්ල සෙරන්ඩිබ් පිලට එරෙහිව වාර්තා කළ ගෝල 5-0ක ජය එහිදී කැපී පෙනුණි.

මෙම තරගාවලියේ සියලු තරග සති අන්ත දිනවලදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.කොළඹින් බැහැර ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක්  වන පෙලිකන්ස් කණ්ඩායම  සුපිරි අට වටයේ  මේ වන විට සහභාගි වී ඇති තරග හතරෙන් තුනක්ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 10 ක් ලබා ඒ අන්දමට ඉදිරියට පැමිණ සිටියි. එම කණ්ඩායම සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ. එහි නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව දෙවැනි ස්ථානයේ අපරාජිත ජාවාලේන් කණ්ඩායම රැදී සිටින අතර ඔවුන් මෙතෙක් සහභාගිවී ඇති තරග  හතරෙන් දෙකක් ජයග්‍රහණය කරමින් හා සෙසු තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ.

ඒ ප්‍රසාද ලකුණු 8 කට පෙලිකන්ස්ට පසු පසින් සිටිමින්ය. සෙසු කණ්ඩායම් අතර මාවනැල්ල සෙරන්ඩිබ් ප්‍රසාද ලකුණු හයක්ද, සෝන්ඩර්ස් ප්‍රසාද ලකුණු පහක්ද පරිදි රැස් කර ගනිමින් පිළිවෙලින් තෙවැනි හා සිව් වැනි ස්ථාන වල රැඳී සිටියි.

මේ අතර  තරගාවලියේ පැවැති සිව් වැනි සතියේ තරග යටතේ අනුරාධපුරය සොලිඩ් හා කුරුණෑගල පෙලිකන්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.මේ අතර අනුරාධපුරය සොලිඩ් කණ්ඩායම විසින් සෝන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ගෝල 3 - 2 ක තියුණු ජයත් සමග එතෙක් සෝන්ඩර්ස් කණ්ඩායම තරගාවලිය පුරා රැක ගෙන සිටි අපරාජිත කිරුළ ගැලවී ගියේය.

තවත් තරගයකදී පෙලිකන්ස් ක්‍රීඩකයෝ යාපනය  ශාන්ත මේරි කණ්ඩායම ගෝල 2 - 0 කට පරාජය කළහ.

එම තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම  ගෝල 2 - 0 කට පළමු භාගයේ වඩාත් විශ්වාසයෙන් යුතුව ඉදිරියෙන් පසු වෙද්දී ඔවුන් අත් කර ගත් පරාජය තව දුරටත් කැපී පෙණුනි.එහිදී දෙවැනි භාගයේදී සොලිඩ් ක්‍රීඩකයෝ අනපේක්ෂිත සටනකට මුල පුරමින් පිට පිටම ගෝල තුනක්ම වාර්තා කරමින් සෝන්ඩර්ස් කණ්ඩායමේ අපරාජිතත්වය බිද දැමූහ.ඉන් ගෝල දෙකක්ම නායක ජී.නානාරූපන් වාර්තා කළේය.

මේ අතර තවත් තරගයකදී පෙලිකන්ස් කණ්ඩායම විසින් යාපනය ශාන්ත මේරි කණ්ඩායම ගෝල 2-0  කින් පරාජයට පත් කරන ලදී. එම තරගයේ පළමු භාගයේදීම පෙලිකන්ස් කණ්ඩායම එම ගෝල දෙක වාර්තා කිරීමට සමත් විය.දෙවැනි භාගයේදී දෙපිලෙන්ම කිසිදු ගෝලයක් වාර්තා නොවීය.එම ගෝල දෙකම වාර්තා කළේ විදේශීය ක්‍රීඩක එරන්ස් ඇඩෝය.


අදහස් (0)

සෝන්ඩර්ස් අපරාජිත කිරුළ ගැලවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.