Last Update  :  2026-03-04 22:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය අවසන් තරගයට
විස්සයි-20 ලෝක කුසලාන

නවසීලන්තය අවසන් තරගයට

editorial - 2026 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තේය. ෆින් ඇලන් (නොදැවී 100) සහ ටිම් සේෆර්ට් දෙදෙනාගේ ප්‍රචණ්ඩ  පිතිහරඹය හමුවේ ඕවර 12.5 කින් ඉලක්කය පසුකර ගිය නවසීලන්ත කණ්ඩායම ලබන 8 වැනිදා අහමදාබාද් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේ ස්ථානය වෙන්කර ගත්තේය. 

තරගයේ 12 වැනි ඕවරය නිමාවේදී නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 21 ක් අවශ්‍යව තිබූ අතර ෆින් ඇලන් ලබා සිටියේ ලකුණු 76 කි. එහෙත් 13 වැනි ඕවරයේ පළමු පන්දු 5 න් ලකුණු 24 ක් ලබාගත් ෆින් ඇලන් තමන්ගේ ශතකය මෙන්ම කණ්ඩායමේ ජයග්‍රහණය ද සම්පූර්ණ කළේය. මාකෝ යැන්සන් යැවූ එම ඕවරයේදී ෆින් ඇලන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 4, 4, 6, 6 සහ  4 ක් ලෙසිනි. 


දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 8 ට 169 යි 
(ඒඩ්න් මාක්රම් 18, ක්වින්ටින් ඩි’කොක් 10, ඩිවෝල්ඩ් බ්‍රෙවිස් 34, ටි්‍රස්ටන් ස්ටබ්ස් 29, මාකෝ යැන්සන් නොදැවී 55, මැතිව් හෙන්රි 34/2, කෝල් මැකොන්කි 09/2, රචින් රවින්ද්‍ර 29/2)

නවසීලන්තය - ඕවර 12.5 කදී කඩුල්ලක් දැවී 173 යි
(ටිම් සේෆර්න් 58, ෆින් ඇලන් නොදැවී 100, රචින් රවීන්ද්‍ර නොදැවී 13)


අදහස් (0)

නවසීලන්තය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.