Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket ළහිරු - පසිඳු නායකත්වයට
ඕස්ට්‍රේලියානු සංචාරය

ළහිරු - පසිඳු නායකත්වයට

editorial - 2025 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නිල නොවන එක්දින තරග 3 කට සහ නිල නොවන ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියාව බලා යන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් දෙකේ නායකත්වය සඳහා ළහිරු උදාර සහ පසිඳු සූරියබණ්ඩාර නම්කරනු ලැබ සිටිති. 

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින කණ්ඩායමෙ නායකයා වන ළහිරු උදාර පසුගිය 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වූ ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගත්තේය. කලක සිටම ටෙස්ට් දොරටුවට තට්ටු කරමින් සිටින පසිඳු සූරියබණ්ඩාර නිල නොවන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය දරයි. 

මෙම කණ්ඩායම් දෙකේම ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් අවිශ්ක ගුණවර්ධන මහතා කටයුතු කරන අතර කළමණාකරු වශයෙන් තරංග පරණවිතාන මහතා කටයුතු කරයි.
 
පළමුවෙන් පැවැත්වෙන නිල නොවන එක්දින තරග තුන ජූලි මස 4, 6 සහ 9 දිනවලදී පැවැත්වෙයි. ජූලි 13 වැනිදා ආරම්භ වන නිල නොවන ටෙස්ට් තරගාවලිය ජූලි 23 වැනිදා දක්වා පැවැත්වේ. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (30 වැනිදා) සවස දිවයිනෙන් පිටත්ව යයි. එක්දින තරග තුන මෙන්ම සිව්දින තරග දෙකත් ඩාර්වින් නුවරදී පැවැත්වෙයි. 

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව වන බැවින් (ජූනි සිට අගෝස්තු දක්වා) ඕස්ට්‍රේලියාවේ බහුතර ජනතාවක් වෙසෙන දකුණු තීරුවේ පිහිටි පර්ත්, සිඩ්නි, මෙල්බර්න්, බි්‍රස්බේන්, කැන්බරා සහ ඇඩිලේඩ් යන නගර වල මේ දිනවල පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 ත් 18 ත් අතර අගයන් ගනී. එහෙත් ශ්‍රී ලංකාවට බෙහෙවින් ආසන්න කාලගුණික තත්ත්වයක් පවතින ඩාර්වින් නුවර දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියක් අංශක 29 ත් 31 ක් අතර පවතී. 

මෙම තත්වයන් අනුව, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම් අතර තරගාවලියේ සියලුම තරග ඕස්ට්‍රේලියාවේ උතුරු කොණේ පිහිටි ඩාර්වින් නුවරදී පැවැත්වෙයි. 


ශ්‍රී ලංකා ‘ඒ’ - එක්දින සංචිතය
ළහිරු උදාර (නායකයා), කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරියබණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මධුෂාන්, මොහොමඩ් ශිරාස්, දුෂාන් හේමන්ත සහ වනුජ සහන්

ශ්‍රී ලංකා ‘ඒ’ - නිල නොවන ටෙස්ට් සංචිතය
පසිඳු සූරියබණ්ඩාර (නායකයා), ළහිරු උදාර, කමිල් මිෂාර, රවිඳු රසන්ත, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, විශාද් රන්දික, සොහාන් ද ලිවේරා, සොනාල් දිනූෂ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්, ප්‍රමෝද් මධුෂාන්, වනුජ සහන් සහ නිශාන් පීරිස්


අදහස් (0)

ළහිරු - පසිඳු නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.