Last Update  :  2025-01-12 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වීසා නැතිව හරවා එවයි

වීසා නැතිව හරවා එවයි

editorial - 2024 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

දෙසැම්බර් 1 වැනිදා පැවැත්වෙන ගැලැක්ෂි ජාත්‍යන්තර මැරතන් තරගාවලියට සහභාගිවීම සදහා මැකාවෝ රාජ්‍යයට ගිය ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩකයන් දෙදෙනාට හා පුහුණුකරුට එරටට ඇතුළුවීමේ වීසා නිකුත් නොකිරීම නිසා සංචාරය අත් හැර ආපසු මෙරටට පැමිණීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩක තලවරිගේ රත්නපාල, ක්‍රීඩිකා වත්සලා වත්සලා මධුශානී හේරත් හා පුහුණුකරු සජිත් ජයලාල් මහතා මෙසේ ආපසු මෙරටට පැමිණීම සදහා ඊයේ (29) එරට ගුවන් තොටුපොළෙන් පිටත්වූ බවද වාර්තාවේ. මැකාවෝ යනු චීන ජනරජයේ වර්ග සැතපුම් 12.7 කට සීමා වන විශේෂ පරිපාලන ඒකකයකි. එරටට ඇතුළුවීමෙන් පසුව නිකුත් කෙරෙන වීසා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා මැරතන් කණ්ඩායම එරට ගුවන් තොටුපොළ වෙත ළගාවී තිබේ.

කෙසේවූවත් මැකාවෝ ගුවන් තොටුපොළේ ආගමන හා විගමන බලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ එරටට ඇතුළුවීමෙන් පසුව වීසා නිකුත් කෙරෙන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බවයි. එහෙත් මැකාවෝ තරග සංචාරය සදහා නිර්දේශ ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ අනුග්‍රහය ලබාදී තිබෙන එරට සංවිධායකයන් ආරාධනාව සමග ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත්තේ එරටට ඇතුළුවීමේ වීසා එහි ළගාවීමෙන් පසුව නිකුත් කෙරෙන බවයි.


අදහස් (1)

වීසා නැතිව හරවා එවයි
  • bandula Saturday, 04 January 2025 06:01 PM

    " මචං "චිත්‍රපටය බලන්න

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.