Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 30 ක් නිමාවට පත්වෙද්දී ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ රැක ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජයද, ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ රැක ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයද සමත්ව සිටියි.
මේ දක්වා සහභාගි වූ තරග 4 ම ජයගෙන ලකුණු 8 ක් ලබා සිටින පොලිස් ක්‍රීඩා සමාජය මේ වන විට 2.321 ක ශූද්ධ වේගයක් රඳවාගෙන සිටින අතර කෝල්ට්ස් ක්‍රීඩා සමාජය මෙතෙක් සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගෙන ලකුණු 8 ක් ලබා ඇත්තේ 1.361 ක ශූද්ධ ලකුණු වේගයක් රඳවාගනිමිනි.
ද්‍රවිඩ සංගම් සහ එන්.සී.සී. යන ක්‍රීඩා සමාජ තරග 3 බැගින් ජයගෙන ලකුණු 6 බැගින් ලබා සිටින නමුත් රඳවාගෙන සිටින ශුද්ධ ලකුණු වේගය අනුව ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත්, එන්.සී.සී. ක්‍රීඩා සමාජය තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
මුවර්ස් ක්‍රීඩා සමාජයද තරග 4 ක් ජයගෙන ලකුණු 8 ලබා සිටියි. කෙසේ වුවත් පවත්වාගෙන ඇති ශූද්ධ ලකුණු වේගයට අනුව මුවර්ස් කණ්ඩායමට ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ.
මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සංගීත් කුරේ සමත්ව ඇති අතර මේ වන විට තරග 4 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 354 කි. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ විජයකාන්ත් වියස්කාන්ත් තරග 5 කදී කඩුලු 13 ක් බිඳහෙළමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.