
(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගිවීමට හැකිවන පරිදි “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය තමාට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සම ඔහු විසින්ම බ්‍රහස්පතින්දා (23) ඉල්ලා අස්කර ගන්නා ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කරුවන්ගේ නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කිරීම නීතිවීරෝධී බව සඳහන් කරමින් නුවන් තුෂාර මහතා නීතීඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් පෙත්සම නිෂ්ප්‍රභා කළේය.
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණ
පෙත්සම කැඳවු අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජී. ජී. අරූල්ප්‍රගාසම් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම පෙත්සම ගොනු කරුණු ලැබුවේ ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමේ අරමුණීන් යුතුව බවත් මේ වන විට එහි තරඟ කිහිපයක්ම පවත්වා අවසන්වී ඇතැයිද පැවසීය.
ඒ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමට තම සේවාදායකයා බලාපොරොත්තු නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට ඔහු අපේක්‍ෂා කරන බවත් කී නීතීඥ අරූල්ප්‍රගාසම් මහතා ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සිය සේවාදායකයාට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගනිමින් ඊට අවසර දුන් විනිසුරුවරයා පෙත්සම නිශ්ප්‍රභ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.