Last Update  :  2026-03-31 11:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - චීන - තායිපේ තරගය අද
ආසියානු කුසලාන පාපන්දු නිර්දේශ තෙවැනි වටයේ තරගය

ශ්‍රී ලංකා - චීන - තායිපේ තරගය අද

editorial - 2026 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව හා චීන - තායිපේ අතර ආසියානු කුසලාන (2027) පාපන්දු නිර්දේශ තෙවැනි වටයේ තරගය අද (31) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.00 ට තායිපේ නුවරදී පැවැත්වේ. එය එරට වේලාවෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 6.30 ටය

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සජීවී නිල නොවන ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ඊයේ (30) වන විට 195 වැනි ස්ථානයේත් චීන - තායිපේ 174 වැනි ස්ථානයේත් පසු විය. එය ශ්‍රී ලංකාව ශ්‍රේණි ගත පියවර එකකින් පසුපසට යාමකි.

කෙසේවූවත් මෙම තරග වටයේදී ශ්‍රී ලංකාව ප්‍රතිවාදී චීන - තායිපේට එරෙහිව මුහුණ දුන් පළමු තරගයෙන් ගෝල 3 -1 ක ජයක් ලැබීය.

ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය නොවැම්බර් 18 වැනිදා කොළඹදී  මෙම තරග වටයේදීම මුහුණ දුන් ජාත්‍යන්තර පාපන්දු තරගයෙන් තුර්ක්මෙනිස්ථානයට ගෝල 2 - 1 කින් පරාජයට පත් විය.

අද තායිපේ නුවරදී තරග වදින මෙම දෙරටම 2027 - ආසියානු කුසලාන පාපන්දු තරගාවලියෙන් දැනටමත් ඉවතට ගොස් තිබෙන බැවින් එහි ප්‍රතිපලය දෙරටම බලපෑමක් නොකරයි.

අද තරගයට නම් කර තිබෙන ශ්‍රී ලංකා සංචිතය

සුජාන් පෙරේරා (නායක), බාරත් සුරේෂ්, සුපුන් කවීෂ්, රාහුල් සුරේෂ්, මොහොමඩ් මූර්සිත්, විලියම් තොම්සන්, මොහොමඩ් හම්සාර්,අයිමාන් සාවහීර්, චලන චමීර, මොහොමුදු මුන්සිෆ්, ජූඩ් සුපුන්, කැනිස්ටන් රෙජීස්, මොහොමඩ් අමාන්, වසීම් රසීක්, එස්.ස්ටීවන්, අද්වාන් රාජමොහාන්, අනුජන් රාජේන්දරම්, නිලෝශන් සෙන්තූර්වසන්, සෑම් ඩුරාන්ට්, ලියෝන් පෙරේරා, ඩිලෝන් සෙනන්, ගාරට් කෙලී හා ඔලිවර් කෙලාට්

ඡායාරූපය : - තායිපේ නුවරදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා හා ප්‍රධාන පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතා


අදහස් (0)

ශ්‍රී ලංකා - චීන - තායිපේ තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.