Last Update  :  2026-04-22 12:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආණ්ඩුකාර කුසලාන එක්දින තරගාවලිය ඇරඹෙයි

ආණ්ඩුකාර කුසලාන එක්දින තරගාවලිය ඇරඹෙයි

editorial - 2026 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආණ්ඩුකාර කුසලාන වෙනුවෙන් පැවැත්වෙන එක්දින සීමිත ඕවර තරගාවලිය පසුගිය 18 වැනිදා ආරම්භ කෙරිණ. කණ්ඩායම් 17 ක් සහභාගි වන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකකින් පැවැත්වේ. 

කාණ්ඩ දෙකේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. පහළින්ම සිටින කණ්ඩායම් අතර මැයි මස 20 වැනිදා පැවැත්වෙන පහත හෙළීමේ තරගයෙන් පරාජය වන කණ්ඩායම අන්තර් දිස්ත්‍රික් තරගාවලියට තල්ලු කෙරෙනු ඇත. 

අන්තර් දිස්ත්‍රික් තරගාවලිය එක් එක් පළාතේ කණ්ඩායම් අතර තරගාවලියකි. 20 වැනිදා තරගයෙන් පරාජය වන කණ්ඩායමට, ලබන වසරේදී ඔවුන් ඇතුළත් පළාතේ කණ්ඩායම් සමගින් තරග කිරීමට සිදුවනු ඇත. 

තරගාවලියේ අවසන් පූර්ම තරග මැයි මස 20 වැනිදා පැවැත්වේ. අවසන් තරගය මැයි 23 වැනිදා පැවැත්වීමට නියමිතය. 


ආණ්ඩුකාර කුසලාන වෙනුවෙන් තරග වදින කණ්ඩායම්

ඒ කාණ්ඩය
කඳුුකර ක්‍රීඩා සමාජය, ආදි ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය, යුනිචෙලා ක්‍රීඩා සමාජය, අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, මහනුවර ක්‍රීඩා සමාජය, ලන්කන්ස් ක්‍රීඩා සමාජය, නාරම්මල ක්‍රීඩා සමාජය, හෙට්ටිපොල ක්‍රීඩා සමාජය සහ මහනුවර තරුණ ක්‍රීඩා සමාජය.

‘බී’ කාණ්ඩය
සැරසන්ස් ක්‍රීඩා සමාජය, මැලේ ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය, ආදි සහිරා ක්‍රීඩා සමාජය, කළුතර කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය, සඳලංකා ක්‍රීඩා සමාජය සහ කළුතර නාගරික ක්‍රීඩා සමාජය.


අදහස් (0)

ආණ්ඩුකාර කුසලාන එක්දින තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.