Last Update  :  2026-03-26 21:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේපාලයට පැරදුණු ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව අපේක්ෂා ඈතට

නේපාලයට පැරදුණු ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව අපේක්ෂා ඈතට

editorial - 2026 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

මාලේ නුවරදී පැවැත්වෙන අට වැනි සාෆ් ශූරතා පාපන්දු (වයස 20 න් පහළ) තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව ඊයේ (25) නේපාලය සමග පැවැති තරගයෙන් ගෝල 1- 0 ක පරාජයක් ලැබීය.

ඒ හේතුවෙන් අප්‍රේල් 1 වැනිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටයට නිර්දේශ ලැබීම ශ්‍රී ලංකාවට වඩාත් වෙහෙසකර උත්සාහයක් බවට පත්ව තිබේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සිකුරාදා (27) භූතානයට එරෙහිව මූලික වටයේ තමන් සහභාගි වන අවසන් තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු වන අතරම ඉතිරිව තිබෙන මූලික වටයේ සෙසු තරගවල ප්‍රතිපලයන්ද ඊට බලපෑමක් කෙරෙනු ඇත.

කෙසේවූවත් ශ්‍රී ලංකාව සිය පළමු තරගයේදී මාලදිවයින පරාජයට පත් කිරීමෙන් ඊයේ වන විට ඒ කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි තැනේ පසු වෙන්නේ ප්‍රසාද ලකුණු තුනකටය.ශ්‍රී ලංකාව ඊයේ තරගයෙන් පරාජයට පත් කිරීමෙන් ඒ වන විට තරග දෙකක ජය වාර්තා කර සිටි නේපාලය ප්‍රසාද ලකුණු හයක් ලබා එහි පෙරමුණේ පසුවේ.

ඒ අතර පාකිස්තානය ගෝල 2 - 0 කට පරාජය කිරීමෙන් බංග්ලාදේශය මූලික වටයේ බී කාණ්ඩයේ ඊයේ වන විට ප්‍රසාද ලකුණු තුනක් ලබා එහි පෙරමුණේ පසු විය. මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණුලාභී කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට නිර්දේශ ලබයි.

ඊයේ තරගයේ 24 වැනි විනාඩියේදී 17 හැවිරිදි සුභාෂ් බාම් නේපාලයට ජයග්‍රාහී ගෝලය වාර්තා කර සිටියේය.ඉන්දියාව හා පාකිස්තානය අතර බී කාණ්ඩයේ මූලික වටයේ තරගය අද (26) පැවැත්වේ.මූලික වටයේ භූතානය හා මාලදිවයින අතර (ඒ කාණ්ඩය) තරගය ඊයේ රාත්‍රීයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


අදහස් (0)

නේපාලයට පැරදුණු ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව අපේක්ෂා ඈතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.