Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඉදිරියේ එන සිම්බාබ්වේ සංචාරයට සහ ආසියානු කුසලාන තරගාවලියට අවශ්‍ය ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද විස්සයි-20 ලීග් තරගාවලියේ අවසන් තරගය හෙට (16 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි.
මෙම අවසන් තරගය සඳහා කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) සහ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එස්.එල්.සී. ග්‍රේස් (අළු) කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති.
තරගාවලියේ තුන්වැනි කණ්ඩායම ලෙසින් සිටි එස්.එල්.සී. බ්ලූස් (නිල්) කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග හතරම පරාජයට පත්වීම හේතුවෙන් අවසන් තරගයෙන් ඉවතට විසිවිය.
එල්.පී.එල්. තරගාවලිය නියමිත කාලයේදී පැවැත්විය නොහැකි වූ බැවින් ඉදිරියේ එන සිම්බාබ්වේ සංචාරයට සහ ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් මෙම විස්සයි-20 ලීග් තරගාවලිය සංවිධානය කරන ලදි. තේරීම් කමිටු නිලධාරීන්ගේ අවශ්‍යතාව වූයේ ලකුණු රැස්කිරීමේදී වැඩි ප්‍රවේගයක් (ප්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) සහිත පිතිකරුවන් සොයාගැනීමයි.
තරගාවලියේ මූලික වටය අවසාන වන විට තරග 4 කින් ලකුණු 114 ක් ලබා සිටි කමිල් මිෂාරගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 175.38 ක් විය.
තවමත් 24 හැවිරිදි කමිල් මිෂාර වමතින් පන්දුවට පහර දෙන ආරම්භක පිතිකරුවෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර දස්කම් දක්වන පැතුම් නිස්සංක දකුණත් පිතිකරුවකු වන අතර කමිල් මිෂාර වැනි උසින් යුත් වමත් පිතිකරුවකු පැතුම්ගේ සහායකයා වීම පන්දු යවන්නන්ට හීන් දාඩිය දැමීමට ප්‍රමාණවත්ය. පානදුර මහානාම විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අතපොත් තැබූ කමිල් මිෂාර, ක්‍රිකට් දස්කම් නිසාම පසුකලෙකදී කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණියේය.
මෙම විස්සයි-20 තරගාවලියේදී කමිල් මිෂාර එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) කණ්ඩායම නියෝජනය කරයි.
විස්සයි-20 ලීග් තරගාවලියේ තරග 4 කදී ලකුණු 142 ක් ලබාගත් නුවනිඳු ප්‍රනාන්දුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 129.09 කි. නුවනිඳු පිතිකරු ලයිස්තුවේ අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසිසෙන අතරම ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරුවන්ගේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් විය හැකි බවත් තේරීම් කමිටු නිලධාරීන්ගේ මතයයි.
ඉතාමත් හොඳින් පන්දුව දකින පිතිකරුවකු ලෙසින්, නුවනිඳු ප්‍රනාන්දු දිගු කලක සිටම තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය දිනාගත් පිතිකරුවෙකි. එහෙත් බොහෝ අවස්ථාවලදී හොඳින් ලකුණු රැස්කරමින් සිට හදිසියේම අනවශ්‍ය පහරකින් සිය කඩුල්ල වීසිකර දමන නුවනිඳු දිගු ඉනිම කිහිපයක්ම අහිමි කරගෙන ඇතත්, දීප්තිමත් අනාගතයක් ඇති පිතිකරුවෙකි.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් පසුගියදා ඕස්ටේ්‍රලියාවේ කළ සංචාරය නුවනිඳුගේ ක්‍රීඩා දිවියේ හැරුම් ලක්ෂ්‍යයක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම සංචාරයේ ආරම්භයේ සිටම නුවනිඳුගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ (එක්දින තරග දෙකකදී) 82 ක් සහ 40 ක්, (පළමු පෙළ තරග දෙකකදී) 34 ක්, නොදැවී 104 ක් සහ 102 ක් මෙන්ම (විස්සයි-20 ලීගයේදී) නොදැවී 70, 22 සහ නොදැවී 50 ලෙසිනි.
අවසන් තරගය හෙට පස්වරු 1.30 ට ආරම්භ වන අතර ටැලන්ට් ටීවී ඔස්සේ එය සජීවීව විකාශය කෙරෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.