Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හොං කොං පිලෙන් එල්ල වූයේ අනපේක්ෂිත අභියෝගයක් නමුත් පැතුම් නිස්සංකගේ පිතිහරඹයට ස්තුති කරමින් ඊට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී කඩුලු 4 ක ජයක් අත්කර ගත්හ. ඉනිම අග්ගිස්සේදී ලකුණු 08 ක් ඇතුළත පිතිකරුවන් හතර දෙනකු දැවීගිය නමුත් පළපුරුදු විස්සයි-20 ක්‍රීඩකයන් වන දසුන් ශානක (නොදැවී 6) සහ වනිඳු හසරංග (නොදැවී 20) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවරදී පැවැති පළමු විස්සයි-20 තරගයේ සිට පැතුම් නිස්සංකගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 55, 8, 33, 50 සහ 68 ක් වශයෙනි. විස්සයි-20 තරග 5 කදී පැතුම්ගේ පිත්තෙන් පැමිණි ලකුණු සංඛ්‍යාව 214 කි. මෙම තරග 5 න් තරග 4 ක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.
පැතුම් නිස්සංක පිටියේ සිටියදී නිරන්තරයෙන් ලකුණු ගලා ආවේය. පැතුම් දවාගැනීම සඳහා හොං කොං පන්දු යවන්නන්ට තිබූ එකම උපක්‍රමය වූයේ දුවද්දී දවාගැනීම බව පෙනෙන්නට තිබිණ. වරෙක තැන්පත් ලීලාවෙන් සිටින පැතුම් හදිසියේම ලකුණු ලබාගැනීමේ ආවේශයට පිවිස හතරේ හෝ හයේ පහර ගසන්නට පටන් ගනී. පන්දු 44 කින් පැමිණි පැතුම්ගේ ලකුණු 68 ට හතරෙ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.
කුසල් මෙන්ඩිස් වේලාසනින් දැවී ගිය නමුත් කමිල් මිෂාර (19) සහ කුසල් ජනිත් (20) දෙදෙනාගෙන් පැතුම්ට කදිම සහයෝගයක් ලැබිණ. 16 වැනි ඕවරයේදී පැතුම් දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 31 ක් මෑතින් සිටියේය. මෙම අවස්ථාවේදී ඉනිමේ මැද පෙළ කඩා වැටුණු නමුත් 18 වැනි ඕවරයේදී හොං කොං නායක යසිම් මුර්ටාසා යැවූ නිපන්දුවකින් නිසි ප්‍රයෝජන ගත් වනිඳු හසරංග තරගයේ වාසිය ශ්‍රී ලංකා පිලට වෙත ඇදගත්තේය.
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
සීෂාන් අලී සහ අන්ෂුමාන් රාත් දෙදෙනා, දැමූ සාර්ථක අඩිතාලම මත සිටගත් හොං කොං පිතිකරුවෝ නියමිත ඕවර 20 නිමාවන විට කඩුලු 4 ක් දැවී ලකුණු 149 ක් ලබාගත්හ. පන්දු 46 කින් ලකුණු 48 ක් ලබාගත් අන්ෂුමාන් රාත් සහ ලකුණු 52 ක් ලබාගත් නිසාකත් ඛාන් දෙදෙනා හොං කොං කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව කරා කැඳවාගෙන ගිය නියමුවෝ වූහ.
අනෙක් අන්තයේ පිතිකරුවා මුවා කරගනිමින් අන්ෂුමාන් රාත් කළ පිතිහරඹය නිසා 15 වැනි ඕවරය දක්වාත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු දෙකක් පමණි. 16 වැනි ඕවරයේදී අන්ෂුමාන් දැවී යන විට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 118 ක් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු චකිතයකින් තොරවම පිත්ත හසුරුවමින් සිටි ආරම්භක පිතිකරුවා දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව ඩීප් මිඩ් විකට් හි සිටි කමිඳු මෙන්ඩිස් විසින් හතරේ සීමාව ආසන්නයේදීම රැකගන්නා ලදි.
වනිඳු හසරංග සිය දෙවැනි ඕවරයේදීම කඩුල්ලක් දවාගත් නමුත් අන්ෂුමාන් රාත් සහ නිසාකත් ඛාන් දෙදෙනා පරෙස්සමෙන් හසරංගට මුහුණ දුන්හ. නුවන් තුෂාර තරමක ප්‍රහාරයකට ලක්වූ නමුත් සෙසු පන්දු යවන්නෝ කිසියම් පාලනයකින් යුතුව පන්දු යැවූහ.
බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ඕවර 4 කින් ලකුණු 42 ක් තිළිණ කළ මතීෂ පතිරණ කණ්ඩායමෙන් ඉවත් කරමින් මහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවන ලදි. හොං කොං පිතිකරුවන්ගේ තර්ජනාත්මක පිතිහරඹය මැද, තීක්ෂණ සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකර ගත්තේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.