Last Update  :  2026-04-25 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු වෙරළ ක්‍රීඩා පළමු රිදී පදක්කම ඉෂාරාගෙන්

ආසියානු වෙරළ ක්‍රීඩා පළමු රිදී පදක්කම ඉෂාරාගෙන්

editorial - 2026 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

චීනයේ සන්යා නුවරදී පැවැත්වෙන හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව ඊයේ (24) දිනයේදී පදක්කම් දිනා ගැනීම ආරම්භ කරමින් එක් රිදී පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබුණි.

ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර එහිදී දුර පැනීම  (කාන්තා) ඉසව්වෙන් එම පදක්කම් දෙකම දිනා ගැනීම කැපී පෙණුනි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉෂාරා සමන්මලී වික්‍රමසිංහ එහිදී මීටර 5.87 කට රිදී පදක්කම ලබද්දී තෙවැනි තැනට පත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ශෂිකලා ගලබඩගේ මීටර 5.83 කට ලෝකඩ පදක්කම ලැබීය.

එහි විශේෂත්වය ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා තරග පළමු සහභාගිත්වයේදීම පදක්කම් දිනා ගැනීමට සමත්වීමයි.එහි තවත් වැදගත්කමක් වන්නේ ඉෂාරා දිනාගත් රිදී පදක්කම ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලේදී ඕනෑම ක්‍රීඩා ඉසව්වක් වෙනුවෙන් මෙතෙක් දිනා ගත් පළමු රිදී පදක්කමත් එයමවීමයි.

වසර 2008 දී මෙම ක්‍රීඩා උළෙල ආරම්භ වීමෙන් පසුව ඊයේ වන තෙක් ශ්‍රී ලංකාව හිමි කර තිබුණේ ලෝකඩ පදක්කම් හයක් පමණි.

ඊයේ පදක්කම් දිනා ගැනීමත් සමග දිනය නිමාවේදී ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ අට වැනි ස්ථානයට පත්ව තිබුණි.

මෙම ක්‍රීඩා උළෙල අප්‍රේල් 30 වැනිදා දක්වා සන්යා නුවරදී පැවැත්වේ.

ක්‍රීඩා ඉසව් හයක් සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 77 දෙනකුගේ කණ්ඩායමක් ඒ සදහා යොමු කර තිබේ.

 


අදහස් (0)

ආසියානු වෙරළ ක්‍රීඩා පළමු රිදී පදක්කම ඉෂාරාගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.