Last Update  :  2025-12-02 17:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket නවසීලන්තය කඩුලු 9 කට 231 යි

නවසීලන්තය කඩුලු 9 කට 231 යි

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුරව හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියේය. 

පළමු දිනය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි සකාරි ෆෝල්ක්ස් ලකුණු 4 ක්ද, ජෙකෝබ් ඩෆී ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. නවසීලන්ත ඉනිමේ බිඳවැටුණු කඩුලු 9 න් 6 ක් 2 බැගින් බෙදාගැනීමට වේග පන්දු යවන්නන් වූ ඔජේ ශීල්ඩ්ස්, ජස්ටින් ග්‍රේව්ස් සහ කේමර් රෝච් සමත් වූහ. මන්දාලෝක තත්වය හේතුවෙන් තරගයේ පළමු දිනය ඕවර 70 කට සීමා කෙරිණ. 

ලකුණු පුවරුවට යාන්තම් ලකුණක් එක්වන විට නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ ලකුණු නොළබා දැවී ගියේය. එහෙත් නායක ටොම් ලේතම් (24) සමග එක්වූ කේන් විලියම්සන් (52) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. විලියම්සන්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. 

කෙසේ වුවත් පිට පිටම යවන ලද ඕවර 2 කදී ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 95 කට කඩුලු 3 ක් ලෙස යළිත් වරක් නවසීලන්ත කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය. සිවුවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි රචින් රවින්ද්‍රද ලකුණු 3 කට දැවී යෑමෙන් එම තත්වය තවත් බරපතල විය. 

ලකුණු 148 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී පිටියේ එක්වූ මයිකල් බ්‍රාස්වෙල් (47) සහ නේදන් ස්මිත් (23) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. ටොම් බ්ලන්ඩල්ට ලකුණු 29 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ ඔජේ ශීල්ඩ්ස්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි. 


නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 9 කට 231 
(ටොම් ලේතම් 24, කේන් විලියම්සන් 52, ටොම් බ්ලන්ඩල් 29, මයිකල් බ්‍රාස්වෙල් 47, නේතන් ස්මිත් 23, ඔජේ ශීල්ඩ්ස් 34/2, ජස්ටින් ග්‍රේව්ස් 35/2, කේමර් රෝච් 47/2) 

-036 


අදහස් (0)

නවසීලන්තය කඩුලු 9 කට 231 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.