Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ඉන්දීය ටෙස්ට් නායකත්වය ෂුබ්මන් ගිල්ට

ඉන්දීය ටෙස්ට් නායකත්වය ෂුබ්මන් ගිල්ට

editorial - 2025 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් ඇසුරිනි)

ඉන්දියාවේ මීළඟ ටෙස්ට් නායකයා වශයෙන් ඉදිරිපෙළ පිතිකරු ශුබ්මන් ගිල් පත්කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සෙනසුරාදා (24 වැනිදා) ඒ බව ප්‍රකාශ කළේය. ෂුබ්මන් ගිල් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය සීමිත ඕවර කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයා ද විය.

විරාට් කෝලි සමඟින් මෑතකදී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගිය රෝහිත් ෂර්මා ඉන්දීය පිලේ හිටපු නායකයා විය. එහෙත් මේ දෙදෙනාම විශ්‍රාම ගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ටෙස්ට් මෙන්ම සීමිත ඕවර කණ්ඩායම් වලද නායකත්වය පුරප්පාඩු විය. 

මේ වන විට 25 හැවිරිදි වියේ පසුවන ෂුබ්මන් ගිල්, ජුනි 20 වන දින සිට එංගලන්තයේ පැවැත්වෙන තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාර ගනු ඇත. ඔහුගේ උපනායකයා ලෙසින් කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් පත්කර තිබේ. 

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ වසර 2025 - 27 කාල චක්‍රය වෙනුවෙන් පැවැත්වෙන පළමු වැනි තරගාවලියයි. 

පිතිකරුවකු වශයෙන් පුළුල් පරාසයක පිත්ත හැසිරවිය හැකි ගිල්, ඔහුගේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්. තරඟාවලියේ අවසන් වටය දක්වා කැඳවාගෙන ගොස් ඇත.
ටෙස්ට් තරඟ 32 කට ක්‍රීඩා කර ඇති නව ඉන්දීය නායකයා, 2020 දී මෙල්බර්න් නුවරදී ටෙස්ට් පිටියට පිවිසියේය. එදා මෙදා තුර ශතක පහක් සමඟින් ලකුණු 1,893 ක් ලබා ඇති ෂුබ්මන් ගිල්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 35.05 කි.
 
එක්දින කණ්ඩායමේත් ප්‍රධාන චරිතයක් වන මෙම දකුණත් පිතිකරුවා, මෙම වසර මුලදී ඩුබායි හි පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව ඉන්දියාවට දිනාදීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.

මේ අතර ඉන්දීය පිලේ එංගලන්ත සංචාරයෙන් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි ඉවත් කර තිබේ. ඔහුගේ ඉවත් කිරීමට හේතුව ශාරීරික යෝග්‍යතා පිළිබඳ ගැටළුවකි. ඉන්දිය පිලේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා සංචිතයේ සිටියද ඔහු ටෙස්ට් තරග 5 ම ක්‍රීඩා නොකරනු ඇතැයි ප්‍රධාන තේරීම් නිලධාරී අජිත් අගර්කාර් මහතා පැවසීය. 

වසර 2016 දී එංගලන්ත පිලට එරෙහිව ත්‍රිත්ව ශතකයක් (303) ලබාගත් කරුන් නයර්, වසර අටකට පසුව නැවතත් ඉන්දීය පිලට එක්ව සිටී. 


ඉන්දීය ටෙස්ට් සංචිතය 
ෂුබ්මන් ගිල් (නායකයා), යසස්වී ජයිස්වාල්, ලෝකේෂ් රාහුල්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා - උප නායකයා), ධූර්වි ජූරල් (කඩුලු රකින්නා), රවීන්ද්‍ර ජදේජා, කුල්දීප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් සිරාජ්, ආකාශ් දීප්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, සායි සුදර්ශන්, අබිමන්යු ඊශ්වරන්, කරූන් නයර්, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, වොෂිංටන් සුන්දර්, ශර්දුල් ඨාකූර් සහ අර්ශ්දීප් සිං


 - 213


අදහස් (0)

ඉන්දීය ටෙස්ට් නායකත්වය ෂුබ්මන් ගිල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.