Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දකුණු අප්‍රිකානුවෝ කළු කමිසකාරයන් පරදවති

දකුණු අප්‍රිකානුවෝ කළු කමිසකාරයන් පරදවති

editorial - 2021 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක් 02 (සිඩ්නි) - රොයිටර්

   ඕස්ට්‍රේලියානු වොලබිලාට දැවැන්ත ජයක්
   ඕස්ට්‍රේලියානු වොලබිලා පූමාස්ලාට රිදවති
   නිදහස් කුසලාන නවසීලන්තයට

තරගය නිමා වීමට විනාඩි කිහිපයක් තිබියදී එල්ටන් ජැන්ටීස්ගේ පා පහර කෑ පන්දුව ගෝල කණු අතරින් පියාඹායාමත් සමගින් දකුණු අප්‍රිකානුවෝ ලකුණු 31-29 කට නවසීලන්තයේ කළු කමිසකාරයන් පරාජය කළහ. දකුණු අර්ධගෝලයේ රග්බි ශූරතාවලියට අයත් වූ මෙම තරගය ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නුවරදී අද (02 වැනිදා) පැවැත්විණ.

අවසන් විනාඩි 5 ඇතුළතදී තරගයේ වාසිය සිව් වතාවක් දෙපැත්තට දෝලනය විය. එහෙත් එල්ටන් ජැන්ටීස්ගේ දඬුවම් පහර සාර්ථක වීමත්  සමග එය දකුණු අප්‍රිකානුවන් අතර නතර විය. අද තරගයේ ජය දකුණු අප්‍රිකානුවන් ෂතු වූ නමුත් නවසීලන්තයේ කළු කමිසකාරයෝ පසුගිය සතියේදීම තරගාවලියේ ශූරයන්ට හිමිවන ‘නිදහස් කුසලාන’ තමන් සතුකර ගත්හ.

තරගයේ 6 වැනි විනාඩියේදී ඬේමියන් ද ඇලන්ඬේ විසින් ලබාගන්නා ලද උත්සාහක දිනුමක් හේතුවෙන් දකුණු අප්‍රිකානුවෝ ඉදිරියට පැමිණියහ. එහෙත් පළමු අර්ධය නිමා වනවිට ලකුණු 20-14 ක් ලෙසින් කළු කමිසකාරයෝ පෙරමුණ ගෙන සිටියහ.

දෙවැනි අර්ධයේදී ඩේමියන් ඇලන්ඩේ සහ මකාසෝල් මපිම්පි දෙදෙනා ලබාගත් උත්සාහක දිනුම් හේතුවෙන් දකුණු අප්‍රිකානුවෝ ඉදිරියට පැමිණියහ. හෙන්රි පොලාර්ඩ්ගෙන් ලැබුණු දඬුවම් පහර 4 ත් ඊට කදිම සහයෝගයක් විය. එහෙත් තීරණාත්මක සාධකය වූයේ අවසන් විනාඩි කිහිපයේදී සාර්ථක වූ එල්ටන් ජැන්ටීස්ගේ පා පහරයි.

මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ නැවත වරක් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට අවස්ථාව ලැබෙනු ඇත. අනෙක් අතට, පිට පිටම රග්බි ටෙස්ට් තරග 3 කින් පරාජයවී සිටි දකුණු අප්‍රිකානු ‘ස්ප්‍රිංබෝක්ස්’ලාට මෙම ජයග්‍රහණය අති විශාල අස්වැසිල්ලක් වනු නිසැකය.

මෙම තරගාවලියට ක්‍රීඩා කරන නවසීලන්තය (1), දකුණු අප්‍රිකාව (2) සහ ඕස්ටේ්‍රලියාව (3) රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින රටවල් තුනයි.

- 213

 

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ කළු කමිසකාරයන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.