Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නිදහස් කුසලාන නවසීලන්තයට

නිදහස් කුසලාන නවසීලන්තයට

editorial - 2021 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

25 වැනිදා (සිඩ්නි) - රොයිටර්

දකුණු අර්ධගෝලයේ කණ්ඩායම් අතර පැවැත්වෙන රග්බි ශුරතාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයේ ‘කළු කමිසකාරයෝ’ එහි ශූරතාව තමන් සතුකර ගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඕස්ටේ්‍රලියාවේ ටවුන්ස්විල්හිදී අද (25 වැනිදා) පැවැති රග්බි තරගය 19-17 ක් ලෙසින් ජයගත් නවසීලන්ත ක්‍රීඩකයෝ ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම තමන්ම බව නැවත වරක් තහවුරු කළහ.

රග්බි ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක කණ්ඩායම් දෙක වන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සහභාගි වූ 100 වැනි රග්බි ටෙස්ට් තරගය මෙයයි. තරගය නිමා වීමට විනාඩි දෙකක් තිබියදී තමාගේ සිව්වැනි දඬුවම් පහර සාර්ථක කරගත් ජෝඩි බැරට් තම කණ්ඩායමට කුසලානය එසවීමේ අවස්ථාව අත්කර දුන්නේය.

නවසීලන්තයේ විඟර් ක්‍රීඩක විල් ජෝර්ඞ්න් මෙන්ම දකුණු අප්‍රිකානු විඟර් ක්‍රීඩකයා වන ස්’බූ න්කෝසි දෙදෙනාම තරගය ආරම්භ වීමත් සමගම වාගේ උත්සාහක දිනුම් ලබාගත්හ. එහෙත් එයින් පසුව තරගය පැවැතියේ දකුණු අප්‍රිකානු ෆ්ලයි හාෆ් ක්‍රීඩක හෙන්රි පොලාර්ඩ් සහ ජෝඩ් බැරට් දෙදෙනා අතරය. එය දෙදෙනාගේ පාද අතර පැවැති කදිම තරගයක් විය.

නවසීලන්ත රග්බි ක්‍රීඩාවේ ආවේණික ලක්‍ෂණය වන්නේ පන්දුව රැගෙන, ප්‍රතිවාදීන් මුළා කරමින් දිවයාමයි. එහෙත් අද තරගයේදී බැරට්ගේ පාදයෙන් පැමිණි ලකුණු 14 නවසිලන්ත ජයග්‍රහණයට මාවත විවර කර දුන්නේය.

නවසීලන්ත කණ්ඩායම මෙම දකුණු අර්ධගෝලයේ කණ්ඩායම් අතර පැවැත්වෙන රග්බි ශූරතාව දිනාගත්තේ 12 වැනි වතාවටය. එමෙන්ම එය ඔවුන් පිට පිටම ලබාගත් 10 වැනි ජයග්‍රහණයද විය. කෙසේ වෙතත් එය නවසීලන්ත පුහුණුකරු ඉයන් ෆොස්ටර් මහතා අපේක්‍ෂා කළ තරම් දස්කම් නොවීය.

“අපට ඕනෑ කළේ මේක නෙමෙයි. පීඩනය හේතුවෙන් අපි අතින් වැරදි ගොඩාක් වූණා. ඒත් අපි අවසන් මොහොත දක්වාම සටන් කරලා කුසලානය දිනාගත්තා”

“මේ ජයග්‍රහණය අපිට හරිම වැදගත්. මේක අපේ කණ්ඩායම් දෙක අතර 100 වැනි තරගය. ඒ විතරක් නෙමේ ඔවුන් අපි ඉතාම ගරු කරන කණ්ඩායමක්. ඒ අවසන් පා පහර වෙනුවෙන් අපි ජෝර්ඩිට හිස් වැසුම් ගලවා ආචාර කරනවා” යයි ඉයන් ෆොස්ටර් මහතා පැවසීය.

හෙන්රි පොලාර්ඩ් සාර්ථක කරගත් දඬුවම් පහර දෙකක් නිසා තරගයේ 13 වැනි විනාඩිය අවසන් වන විට 11-7 ක් ලෙසින් දකුණු අප්‍රිකානුවෝ පෙරමුණ ගෙන සිටියහ. එහෙත් ජෝඞ් බැරට්ගේ දඬුවම් පහර දෙකක් නිසා නවසීලන්තය නැවත වරක් පෙරමුණ ගත්තේය. පළමු අර්ධය නිමා වන විට නවසීලන්තය 13-11 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියේය.

දෙවැනි අර්ධයේදී දෙපිලෙන්ම වාර්තා වූයේ දඬුවම් පහර 4 කි. ඒ අතරින් මීටර 40 ක් පමණ ඈත සිට පැමිණි ජෝඩි බැරට්ගේ පාදයෙන් නික්මුණ පන්දුව ගෝල කනු අතරින් පියාඹා ගියේ නරඹන්නන්ට කදිම මතකයක් ඉතිරි කරමිනි.

දකුණු අප්‍රිකානුවෝ ලෝකයේ අංක 1 හිමිකරගෙන සිටි කණ්ඩායමයි. එහෙත් ඕස්ටේ්‍රලියාව හමුවේ පිට පිටම පරාජය වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු පිලේ අංක 1 ස්ථානය නවසීලන්තයට හිමි විය.


- 213

 


අදහස් (0)

නිදහස් කුසලාන නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.