Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports IV කාණ්ඩයේ මේසපන්දු පිරිමි අනුශූරතාව ශ‍්‍රී ලංකාවට

IV කාණ්ඩයේ මේසපන්දු පිරිමි අනුශූරතාව ශ‍්‍රී ලංකාවට

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ ටෝකියෝ නුවර පැවැති සෙන්.නෝ 2014 ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ සිව්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනාගැනීමට ශ‍්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායම සමත්විය.

අවසන් මහා තරගයේදී මොන්ටෙනීග්‍රෝ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ඒ අනුව තරගාවලියට සහභාගීවූ රටවල් 120 න් 74 වැනි ස්ථානයට පැමිණීමට රොහාන් සිරිසේන, උදය රණසිංහ සහ ඉන්දික ප‍්‍රසාද් යන කී‍්‍රඩකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය.  

අවසන් පුර්ව වටයේදී තරග 3-0 ක් ලෙස උස්බැකිස්තානය පරාජය කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තරග 3-2 ක් ලෙස පේරු රාජ්‍යය පරාජය කරමින් මොන්ටෙනීග්‍රෝ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පෙර අර්ධ අවසන් පුර්ව වටයේදී තරග 3-0 ක් ලෙස ලා ඕසය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, අර්ධ අවසන් වටයේදී තරග 3-2 ක් ලෙස පිලිපීනය හමුවේ තියුණු ජයක් වාර්තා කරමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

තරගාවලියේ පළමු අදියරේදී සිව්වැනි කාණ්ඩයේ ‘එම්’ අනු කාණ්ඩය යටතේ තරග වැදුණු ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම, එහිදී කිරිගිස්තානය, අයිස්ලන්තය සහ මොරොක්කෝව හමුවේ ජය වාර්තා කළ අතර යේමනය සහ ටෝගෝ රාජ්‍ය හමුවේ පරජයට පත්විය.

ජර්මනියේ පැවැති පසුගිය ලෝක ශූරතා මේසපන්දු තරගාවලියේදී පස්වැනි කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ ශී‍්‍ර ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායමට හිමිවූයේ එහි 98 වැනි ස්ථානයයි.

අවසන් පූර්ව තරගය

ශ්‍රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස උස්බැකිස්තානය පරාජය කරන ලදි.

  • උදය රණසිංහ විසින් තරග වට 3-2 ක් ලෙස කෙන්ජේව් සොඛිඞ් පරාජය කරන ලදි. (10/12, 12/10, 6/11, 11/9, 11/6)
  • රොහාන් සිරිසේන විසින් තරග වට 3-1 ක් ලෙස හොලිකොව් එල්මර්ඞ් පරාජය කරන ලදි. (13/11, 10/12, 11/4, 11/6)
  • ඉන්දික ප‍්‍රසාද් විසින් තරග වට 3-1 ක් ලෙස කරිමොව් අන්වර් පරාජය කරන ලදි. (13/15, 12/10, 11/9, 11/3)

අවසන් මහ තරගය

ශ්‍රී ලංකාව විසින් තරග 3-2  ක් ලෙස මොන්ටෙනේග්‍රෝ රාජ්‍යය පරාජය කරන ලදි.

  • කෙකික් ඉර්ෆාන් විසින් තරග වට 3-1 ක් ලෙස උදය රණසිංහ පරාජය කරන ලද. (13/15, 11/15, 11/5, 11/4)
  • රොහාන් සිරිසේන විසින් තරග වට 3-2 ක් ලෙස බකික් ලූකා පරාජය කරන ලදි. (8/11, 9/11, 11/8, 13/11, 12/11)
  • ඉන්දික ප‍්‍රසාද් විසින් තරග වට 3-1 ක් ලෙස රැඩොවික් පිලිප් පරාජය කරන ලදි. (11/5, 13/15, 11/4, 13/11)
  • කෙකික් ඉර්ෆාන් විසින් තරග වට 3-1 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කරන ලදි. (8/11, 11/5, 11/5, 11/4)
  • බකික් ලූකා විසින් තරග 3-0 ක් ලෙස වේල් රොඩෙල් පරාජය කරන ලදි. (11/9, 11/10, 11/4)

අදහස් (0)

IV කාණ්ඩයේ මේසපන්දු පිරිමි අනුශූරතාව ශ‍්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.