Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports නේසර් අල් අතියා හයවැනි වරටත් ඩකාර් රැළිය ජයගනී
ඩකාර් රැළිය - 2026

නේසර් අල් අතියා හයවැනි වරටත් ඩකාර් රැළිය ජයගනී

editorial - 2026 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැති 48 වැනි ඩකාර් රැළිය ජයගැනීමට කටාරයේ නේසර් අල් අතියා සමත් විය. රැළියේ අදියර 13 නිමා කිරීම සඳහා ඔහුට පැය 48 යි, විනාඩි 56 යි, තත්ත්පර 53 ක කාලයක් ගතවිය. අල් අතියා ජයගත් හයවැනි ඩකාර් රැළිය මෙය වූ අතර මින් පෙර ඔහු 2011, 2015, 2019, 2022 සහ 2023 යන වසරවලදී පැවැති ඩකාර් රැළිවලද ජයග්‍රාහකයා විය.
 
එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම වාර සංඛ්‍යාවකදී ඩකාර් රැළිය ජයගත් ක්‍රීඩකයන් අතර අල් අතියා දෙවැනි ස්ථානයේ පසුවන අතර එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් සිටින්නේ ප්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල්ය. 2004, 2005, 2007, 2012, 2013, 2016, 2017 සහ 2021 යන වසරවලදී පීටර්හැන්සල් ඩකාර් රැළිය ජය ගැනීමට සමත්ව ඇත. 

අල් අතියාට වඩා විනාඩි 9 යි, තත්ත්පර 42 ක් පසුපසින් අදියර 13 නිමා කළ ස්පාඤ්ඤයේ නානි රෝමා සමස්ත තරගයේ දෙවැනි ස්ථානයට පත්විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයට පත්වූ ස්වීඩනයේ මතායිස් එක්ස්ට්‍රෝම් සහ අල් අතියා අතර පැවැති කාල පරතරය විනාඩි 14 යි, තත්ත්පර 33 කි. 

අදියර 13 නිමා කිරීම සඳහා පැය 49 යි, විනාඩි 12 යි, තත්ත්පර 03 ක කාලයක් වාර්තා කළ ප්‍රංශයේ සෙබස්තියන් ලොබ් සහ පැය 49 යි, විනාඩි 25 යි, තත්ත්පර 23 ක කාලයක් වාර්තා කළ ස්පාඤ්ඤයේ කාර්ලෝස් සේන්ස් පිළිවෙලින් මෙවර තරගයේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවලට පත් වූහ. 

යන්බු ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙවර ඩකාර් රැළිය අල් කසීම්, රියාද්, අල් බහා, අසීර් සහ ජිසාන් වැනි ප්‍රදේශ හරහා කිලෝ මීටර් 8000 කට ආසන්න දුරක් ගමන් කර යළිත් යන්බු ප්‍රදේශයට පැමිණීමෙන් නිමාවට පත් විය. මෙවර තරගයේ කාර් රථ ඉසව්ව සඳහා තරගකරුවන් 133 දෙනෙක් සහභාගි වූ අතර ඔවුන්ගෙන් තරගකරුවන් 61 ක් දෙනෙක් තරගය නිමා කිරීමට සමත් වූහ. 


සමස්ත තරගයේ ප්‍රතිඵල 
1. නේසර් අල් අතියා (කටාරය) - පැය 48 යි, විනාඩි 56 යි, තත්ත්පර 53 යි 
2. නානි රෝමා (ස්පාඤ්ඤය) - පැය 49 යි, විනාඩි 06 යි, තත්ත්පර 35 යි 
3. මතායිස් එක්ස්ට්‍රෝම් (ස්වීඩනය) - පැය 49 යි, විනාඩි 11 යි, තත්ත්පර 26 යි 
4 සෙබෙස්තියන් ලොබ් (ප්‍රංශය) - පැය 49 යි, විනාඩි 12 යි, තත්ත්පර 03 යි 
5 කාර්ලෝස් සේන්ස් (ස්පාඤ්ඤය) - පැය 49 යි, විනාඩි 25 යි, තත්ත්පර 23 යි 


-036 


අදහස් (0)

නේසර් අල් අතියා හයවැනි වරටත් ඩකාර් රැළිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.