Last Update  :  2026-01-23 18:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිල්ෂාන් ද සොයිසා ශතකයක් ලබයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

දිල්ෂාන් ද සොයිසා ශතකයක් ලබයි

editorial - 2026 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දින වූ අද (23 වැනිදා) ශතකයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජයේ දිල්ෂාන් ද සොයිසා (නොදැවී 129) සමත් විය. 

අගනා පිතිහරඹයක නිරත වූ දිල්ෂාන්, පන්දු 227 කට මුහුණ දෙමින් ලබාගත් එම ශතකය හතරේ පහර 12 කින් සමන්විත විය. මේ දක්වා පළමු පෙළ තරග 41 කට ක්‍රීඩා කර ඇති දිල්ෂාන් එහිදී ලබාගත් සිවුවැනි ශතකය මෙන්ම මෙවර තරගාවලියේදී ලබාගත් පළමු ශතකයද මෙය විය. 

ලකුණු 28 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී රොෂාන් විජේනායක (55) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිල්ෂාන්, ඉන් නොනැවතී ගීත් කුමාර (නොදැවී 55) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 141 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බදුරලිය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

රොෂාන්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින්ද, ගීත්ගේ ඉනිම හතරේ පහර 4 කින්ද සමන්විත විය. පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි බදුරලිය ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 259 ක් ලබා සිටියහ. 

එහිදී ලොහාන් ද සොයිසා, නිපුන් මාලිංග සහ අනුක් ප්‍රනාන්දු කඩුල්ල බැගින් බිඳහෙළීමට සමත් වූහ. 


බදුරලිය පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 259
(රොෂාන් විජේනායක 55, දිල්ෂාන් ද සොයිසා නොදැවී 129, ගීත් කුමාර නොදැවී 55) 


අදහස් (0)

දිල්ෂාන් ද සොයිසා ශතකයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.