Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features පොල් පැළේ කන්නයි යන්නේ

පොල් පැළේ කන්නයි යන්නේ

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසුව පළමු වතාවට ප්‍රසිද්ධ රැස්වීමකදී අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා කීවේ, ක්‍රීඩා ඇමති ධූරය බාරදිම, තමන්ගේ ගෙලේ ගලක් බැඳ මුහුදට දැම්මා වගේ කියාය.

ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජක මර්ධන නියෝජිතායතනයේ 10 වැනි සංවත්සරය වෙනුවෙන්, පසුගිය බ්‍රහස්පතින්දා (30 වැනිදා), ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළම මාලයේ පිහිටි ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයේදී ක්‍රීඩා ඇමතිවරයා එසේ කීවේය. ක්‍රීඩා ඇමතිවරයා උපහැරණයකින් කීවේ තමන් හමුවේ ඇති අභියෝගය කුමක්ද යන්න හොඳින්ම දන්නා බැවිනි.

තමන් ක්‍රීඩා ඇමතිවරයා ලෙසින් සිටි කලින් වතාවේදී (2018 දෙසැම්බර් 20 වැනිදා සිට 2019 නොවැම්බර් 15 දක්වා) කරගත නොහැකි වූ කාර්යයක් ක්‍රීඩා ඇමතිවරයා අබිමුව තිබේ. එහෙත් දැන් සිටින හරීන් ප්‍රනාන්දු, 2018 සිටි ක්‍රීඩා ඇමතිවරයාට වඩා තරමක් මුහුකුරා ගිය අයෙකි. ඔහු තමන්ගේ කාර්යය ගැන එක එල්ලේම කීවේ නැත. ව්‍යාංගයෙන් කීවේය.

ක්‍රීඩා ඇමතිවරයාගේම වදන් වලින් ඒ මෙසේය.

“මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අරගමු”

“වෙනස් කරන්න තියෙන දේවල් වෙනස් කරමු. පුළුවන් තරම් ඉක්මනට, ඒ නෛතික වශයෙන් වෙනස් කරන්න තියෙන දේවල් වෙනස් කරමු... අපි ක්‍රීඩා පනත වෙනස් කරන්න උත්සාහ කරනවා”

“ඔබතුමන්ලා දන්නව වගේ, ක්‍රිකට් වල විශාල ප්‍රශ්නයක් තියෙනවා. නමුත්, මා විශ්වාස කරනවා අපි පනත් වෙනස් කරන්න ඕන කියල” යයි කී හරීන් ප්‍රනාන්දු මහතා....

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දැනට පවතින අර්බුදය පිළිබඳව දිගින් දිගටම අදහස් දක්වමින්....

“පනතක් සම්මත කරාට පස්සේ, කාටත් බෑ, මොනම ජාතික සංගමයකට වත් බෑ කියන්න, මේක කරන්න එපා කියල”

“පාකිස්තානය හොඳම නිදසුන”

“පාකිස්තානයේ අගමැතිවරයා තමයි ඒ ගොල්ලන්ගේ ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිවරයා පත්කරන්නෙ. ඒ ඇයි ?. ඒක ඒ ගොල්ලන්ගේ ක්‍රීඩා නීතියේ තියෙනව. එතකොට අයි.සී.සී. එකට බෑ ක්‍රීඩා නීතිය ඇතුළෙ තියෙන එකකට අභියෝග කරලා කියන්න, දේශපාලන ඇඟිලි ගැසීම් කියල. මොකද ඒක නීතිය ඇතුළෙ තියෙන දෙයක්”

“ඒ නිසයි මම කිව්වේ, මේ වෙච්ච අර්බුදයත් අපට විසඳගන්න තිබ්බා බොහෝම ලේසියෙන්, පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ල”

“නිකං ඔය දේශපාලන වාසියට කතා කරන දේවල් කතා නොකර, සියලු දෙනාගේම සහයෝගය තිබ්බ නිසා, නීතියක් විදිහට සම්මත කළා නම්, එතකොට අයි.සී.සී. එකට මුකුත් කියන්න බෑ” යයි ද ක්‍රීඩා ඇමතිවරයා කීවේය.

1973 දී පනවන ලද අංක 25 දරණ ක්‍රීඩා පතන, අවස්ථා ගණනාවකදීම සංශෝධනය කිරීම් වලට ලක්විය. එහෙත් බොහෝ අවස්ථාවන්හිදී සිදුවූයේ ක්‍රීඩා පනත මගින් ක්‍රීඩා ඇමතිවරයාට ඇති බලතල තව තවත් වැඩි කිරීම සහ ශක්තිමත් කිරීම විනා ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා පනතේ සාධනීය සංශෝධනයක් නොවේ. එවැනි සාධනීය සංශෝධනයක් සිදුවූවා නම්,

“(2024) ජූනි මාසෙ ඔලිම්පික් තියෙනවා. ඒත්, මම දන්න තරමින් තාම, (ශ්‍රී ලංකාව වෙනුවෙන්) සුදුසුකම් ලබපු එකම ක්‍රීඩකයෙක් වත් නෑ. ඒ කියන්නේ ලංකාවෙ ක්‍රීඩාව කොතනද කියන එක පැහැදිළිව පෙනෙන්න තියෙනවා” යයි පසුගිය 30 වැනිදා කියන්නට හරීන් ප්‍රනාන්දු මහතාට සිදුවන්නේ නැත.

කෙසේ වෙතත් අතීතය අපට පාඩම් කියා දෙන්නේය. එබැවින් අතීතයට යා යුතුව තිබේ.

- මතු සම්බන්ධයි

(දමින්ද විජේසූරිය)

 

අදහස් (0)

පොල් පැළේ කන්නයි යන්නේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.