Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ග්‍රීන්ස් - ග්‍රේස් අවසන් තරගයට
විස්සයි-20 ලීග් තරගාවලිය

ග්‍රීන්ස් - ග්‍රේස් අවසන් තරගයට

editorial - 2025 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අනාගතයට පර කපමින් සිටින තවත් ඉදිරි පෙළ පිතිකරුවකු වන කමිල් මිෂාර එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) පිල වෙනුවෙන් අතිශය ප්‍රචණ්ඩ පිතිහරඹයක නිරතව සිටි නමුත් වර්ෂාවෙන් ඇතිවූ නිරන්තර බාධා කිරීම් හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (14 වැනිදා) පැවැති විස්සයි-20 ලීග් තරගය අතහැර දමන ලදි. තරගය අතහැර දමන විට එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) කණ්ඩායම ඕවර 3 කදී කඩුල්ලක් දැවී ලකුණු 46 ක් ලබා සිටියේය. 

මෙම තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමෙන් තරගාවලියට කිසිදු බලපෑමක් ඇති නොවීය. මෙම තරගය ආරම්භ වීමටත් පෙරම එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) සහ එස්.එල්.සී. ග්‍රේස් (අළු) කණ්ඩායම් දෙකම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියහ. ඊට පසුබිම් වූයේ තරගාවලියේ තුන්වැනි කණ්ඩායම වන එස්.එල්.සී. බ්ලූස් (නිල්) කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග හතරම පරාජය වී සිටීමයි. 

එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) කණ්ඩායම සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 07 ක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලබාගනිද්දී එල්.එල්.සී. ග්‍රේස් (අළු) කණ්ඩායම තරග 4 කින් එකක් පමණක් පරාජය වී ප්‍රසාද ලකුණු 05 ක් සහිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

අද තරගයේදී කාසියේ වාසිය දිනාගත් ග්‍රීන්ස් (හරිත) කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේ ප්‍රමාද වී ආරම්භ වූ තරගයේදී වර්ෂාවෙන් ඇතිවිය හැකි බාධා කිරීම් වලට සූදානම් වෙමිනි. එහෙත් යැවිය හැකිවූයේ ඕවර 3 ක් පමණි. 

මෙම කාලය ඇතුළත පන්දු 11 කට මුහුණ දුන් ආරම්භක පිතිකරුවා, චමිඳු වික්‍රමසිංහ විසින් යවන ලද මුල්ම ඕවරයේදී ලකුණු 26 ක් උදුරා ගත්තේය. එම ඕවරයේ පන්දු 6 දී කමිල් මිෂාරගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 4, 4, 2, 6, 6 සහ 4 ක් ලෙසිනි. ඊළඟ ඕවරයේදී හයේ පහරකින් සහ හතරේ පහරකින් මිලාන් රත්නායකට සංග්‍රහ කළ මිෂාර පන්දු 10 කින් ලකුණු 36 ක් ලබාගන්නා අතරේ කුසල් මෙන්ඩිස් ලබාගත්තේ පන්දු 2 කින් එක ලකුණක් පමණි. 

තුන්වැනි ඕවරයේදී කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර එම ඕවරය නිමාවේදී නැවතත් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි. 


එස්.එල්.සී. ග්‍රීන්ස් - ඕවර 3 කදී කඩුලු 1 ට 46 යි
(කමිල් මිෂාර නොදැවී 37, ලසිත් කෲස්පුල්ලේ නොදැවී 07)


අදහස් (0)

ග්‍රීන්ස් - ග්‍රේස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.