(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත්විය.
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී තම අපරාජිත බව රැකගත් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව කඩුලු 4ක ජයක් ලැබීය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 150 යි
(නවිඳු සෙහස් නොදැවී 52, ලසල් මන්දිර 21, තිසුම් පෙරේරා 37/4, යොවෙල් ඩැනියෙල් 25/3, ගෞතම් දයාන් 18/2)
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය - ඕවර 45.5 කදී කඩුලු 6 ක් දැවී 151 යි
(විදුල් ඉන්සුක 64, දුමින් දීෂාන් 32, මොවිඳු සෙනුල් 39/3, රවිඳු ජයසිරි 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.