Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් උපහාර උත්සවය අද

මැතිව්ස් උපහාර උත්සවය අද

editorial - 2025 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 20 ක් පුරා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ දීර්ඝ කාලීන නායකයකුව සිටි ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර දැක්වීමේ උත්සවය අද (25 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නව රෝහල් පාරේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේදී පැවැත්වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, නිලධාරීන් සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් 300 ත් -350 ක් අතර පිරිසක් මෙම උත්සවයට සහභාගි වෙති. 

දිවයිනේ පැරණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට මේ වසරේදී වසර 150 ක් සපිරෙයි. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සුවිශේෂී පක්ෂපාතිත්වයක් සහ දායකත්වයක් දුන් ක්‍රීඩකයින් අගය කිරීමද අද සන්ධ්‍යාවේදී සිදුකෙරේ. 

වසර 2013 පෙබරවාරි සිට 2017 ජූලි දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් වසර 2006 අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ සිට අද දක්වාම කෝල්ට්ස් පිල නියෝජනය කරයි. පළමු පෙළ තරග 181 කට ක්‍රීඩා කර ඇති ඇන්ජලෝ මැතිව්ස්, ඒවායේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 12,922 කි. ඔහුගේ හොඳම පළමු පෙළ ඉනිම ලකුණු 270 කි. 

- 213

 


අදහස් (0)

මැතිව්ස් උපහාර උත්සවය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.