Last Update  :  2025-07-11 20:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගල්කිස්ස සා. තෝමස් ලකුණු 101 කින් ජයගනී
17න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

ගල්කිස්ස සා. තෝමස් ලකුණු 101 කින් ජයගනී

editorial - 2025 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.

මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී සත්කාරක මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 101 කින් පැරදවීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් රොෂොන් සොලමන්ස් තුන් ඉරියව් දස්කම් දැක්වීම විශේෂයෙන් කැපී පෙනිනි.


ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 46 කදී 237 යි 
(රෙෂොන් සොලමන්ස් 80, චෙලන් වීරසිංහ 31, කෙවින් ගුණසීල 25, ප්‍රභාෂ් ජයවික්‍රම 21, යෙවාන් ගුණතිලක 20, දිනිත් අබේරත්න 39/3, සසිරු බණ්ඩාර 8/2, චනුත් ජයසිංහආරච්චි 47/2) 

මහනුවර ධර්මරාජ විද්‍යාලය - ඕවර 42.1 කදී 136 යි 
(ගවේෂ් පූර්ණ 60, විහඟ මතඟවීර 46/4, රෙෂොන් සොලොමන්ස් 15/2, චෙලන් වීරසිංහ 29/2)

 


රෙෂොන් සොලමන්ස්


අදහස් (0)

ගල්කිස්ස සා. තෝමස් ලකුණු 101 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.