Last Update  :  2025-09-03 21:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අත්වැරදීමකට ඉඩක් නැත
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ විස්සයි-20 තරගාවලිය

අත්වැරදීමකට ඉඩක් නැත

editorial - 2025 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එක්දින තරගාවලියේදී සිම්බාබ්ාව් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා පිලට ලැබුණේ බලාපොරොත්තු රහිත සටනකි. එනිසාම අද (3 වැනිදා) ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී වැඩි පරෙස්සමකින් යුතුව තරග වැදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබේ. 

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී අත්වැරදීමක් වුණොත් වුණාමය. ටෙස්ට් හෝ එක්දින ක්‍රිකට් මෙන්ම නොව, විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී අත්වැරදීමකින් ගොඩඒමේ අවස්ථා විරළය. 

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවෙදී ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේත් සිම්බාබ්වේ 12 වැනි ස්ථානයේත් සිටිති. එක්දින තරග හා සැසඳීමේදී විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අනුව කණ්ඩායම් දෙක අතර පරතරය අඩුවනවා මෙන්ම සිම්බාබ්වේ පිලේ පසුපෙළ පිතිකරුවෝත් තරමක ආක්‍රමණිකයෝත් වෙති. එය අවදානම් සහගතය.

ශ්‍රී ලංකා පි්ලට ඇත්තේ කණ්ඩායමට එක්වූ නවකයන් කෙරේ බලාපොරොත්තු තැබීම පමණි. 

අද තරගයේදී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වුවහොත් කුසල් ජනිත් පෙරේරාගේ අනාගතය අනතුරේ වැටෙන බව නම් නිසැකවම කිව හැකිය. නුවනිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර සහ විශේන් හැළඹගේ යන තිදෙනාම කණ්ඩායමට ඇතුළත් වීමේ දොරටුවට තට්ටු කරමින් සිටිති. 

කණ්ඩායමක් වශයෙන් අත්වැරදීමකට ඉඩක් නැතුවා මෙන්ම කුසල් පෙරේරාගේ අත්වැරදීමකටත් දෙවැනි අවස්ථාවක් නැත. 

නායක සිකන්දර් රාසා විස්සයි-20 තරග රටාව අතැඹුලක් සේ දන්නා අයෙකි. 

සිම්බාබ්වේ සංචිතය නම් කිරීමේදී ෂෝන් විලියම්ස් සහ බ්‍රෙන්ඩන් ටේලර් දෙදෙනාත් සංචිතයට ඇතුළත්ව සිටිති. ඔවුන් දෙදෙනාගෙන් ෂෝන් විලියම්ස් අවසන් වරට විස්සයි-20 තරගයකදී සිම්බාබ්වේ පිල නියෝජනය කළේ මාස 15 කට කලිනි. 

විලියම්ස් පළපුරරුදු තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. කණ්ඩායමේ නායකයා වූ ක්‍රෙග් අර්වින් තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ පිල මෙහෙයවන ලද්දේ ද විලියම්ස් විසිනි. බ්‍රෙන්ඩන් ටේලර් කඩුලු රකින්නාය. 

 


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, විශේන් හැළඹගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ


සිම්බාබ්වේ විස්සයි-20 සංචිතය 
සිකන්දර් රාසා (නායකයා), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, බ්‍රැඩ් එවන්ස්, ටේ‍රවර් ග්වාන්ඩු, ක්ලයිව් මඩාන්ඩේ, ටිනොටෙන්ඩා මාපෝසා, බ්‍රෙන්ඩන් ටේලර්, ෂෝන් විලියම්ස්, තඩිවංශේ මරුමානි, වෙලිංටන් මසකඩ්සා, ටෝනි මුන්යොංගා, තශින්ගා මුසේකිවා, බිලෙසිං මුසෙරබානි, ඩියොන් මයර්ස් සහ රිචඩ් න්ගරාවා

 


අදහස් (0)

අත්වැරදීමකට ඉඩක් නැත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.