Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විනිසුරු තීරණ විමසීමත් එයි

විනිසුරු තීරණ විමසීමත් එයි

editorial - 2021 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම මස ආරම්භ වන අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තුළදී පළමු වරට විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමය (විතීවි) භාවිතා කරන බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිවේදනය කරයි.

  ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි
  පිතිකරුවන් සාර්ථක වෙනවා නම්....
  තවත් පුහුණු තරග 2 ක්
  ෂොයිබ් මලික් පාකිස්තානු පිලට
  නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට
   වි-20 ලෝක ශූරයන්ට කෝටි 32 ක්
    කඩයිම් තරග විසඳීමට ඕවර 10 ක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ  ඕමානයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ සතියේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද ක‍්‍රීඩා කොන්දේසි වලට අනුව, සෑම කණ්ඩායමකටම ඉනිමකදී, උපරිම වශයෙන් විනිසුරු තීරණ විමසීමේ අවස්ථා දෙකක් බැගින් හිමිවේ.

කොවිඞ් -19 සම්බන්ධ හේතූන් සහ ”සමහර අවස්ථාවලදී රාජකාරියේ නියුතු විනිසුරුවරුන්ගේ වැරදී සහ අතපසුවීම් හේතුවෙන්” සෑම තරඟයකම සෑම ඉනිමකදීම එක් කණ්ඩායමක් සඳහා අතිරේක විතීවි අවස්ථාවක් ලබාදීමට පසුගිය වසරේ ජුනි මාසයේදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් කටයුතු කරන ලදී. ඒ අනුව එතැන් සිට සීමිත  ඕවර තරග සඳහා එක් කණ්ඩායමකට එක් ඉනිමකදී විතීවි අවස්ථා 2 ක් සහ ටෙස්ට් තරග සඳහා තුනක් ලෙස ඉහළ දමා තිබේ.

මින් පෙර විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියන්හිදී විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමය යොදාගෙන නොතිබූ අතර පළමු වරට විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමය විස්සයි20 ජාත්‍යන්තර තරග සඳහා යොදාගනු ලැබූයේ 2017 වසරේදීය.

අවසන් වරට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් පවත්වා ඇත්තේ 2016 වසරේදීය.

2018 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවති කාන්තා විස්සයි20 ලෝක කුසලානය තරගාවලියේදී ප‍්‍රථම වරට විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමය යොදාගෙන ඇති අතර එහිදී කණ්ඩායමකට හිමිවූයේ එක විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක් පමණි. කොවිඞ් -19 වසංගතයට පෙර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් සංවිධානය කරන ලද අවසාන බහු කණ්ඩායම් ඉසව්ව වන පසුගිය වසරේ  ඕස්ටේ‍්‍රලියාවේ පැවති කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද එය නැවත වරක් භාවිතා කරන ලදි.

විනිසුරුවන් විසින් තීරණ ගැනීමේදී සිදු වන වැරදි, අවම කිරීම සඳහා හඳුන්වා දුන් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය යටතේ විනිසුරුවන්ගේ තීරණයකට අදාළව තුන්වන විනිසුරුගේ උපදෙස් ලබා ගත හැකිය. 2017 වසරේ සිට ශූරයන්ගේ කුසලාන තරගාවලිය, එක්දින අන්තර්ජාතික ලෝක කුසලාන තරගාවලිය සහ ලෝක ටෙස්ට් ශූරතාවලියේ මෙන්ම කාන්තා එක්දින සහ  ඕවර 20 ලෝක කුසලාන වැනි ප‍්‍රධාන තරගාවලියන්හිදී මෙම ක‍්‍රමවේදය භාවිතා කෙරේ.

කෙසේ වෙතත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග කොන්දේසි යටතේ ද්විපාර්ශ්වික තරගාවලියන්හිදී විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය යොදාගනු ලබන්නේ එම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වල අභිමතය පරිදිය.


- 2079

 


අදහස් (0)

විනිසුරු තීරණ විමසීමත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.