
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්. අයි. ටී. අලස් මහතා අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ගුණ සමරු දේශනය මේ වසරේදී හිටපු ටෙස්ට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා විසින් කරනු ලැබීමට නියමිතය.
ආර්. අයි. ටී. අලස් මහතා විදුහල්පතිවරයාව සිටි සමයේදී කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලද අරවින්ද ද සිල්වා මහතා 1992 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මෙන්ම 1996 දී ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් අවසන් තරගයේ වීරයා ද විය.
මෙම ගුණ සමරු දේශනය හෙට (27 වැනිදා) පස්වරු 4.00 ට විද්‍යාලයීය ආර්.අයි.ටී. අලස් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.