Last Update  :  2024-05-06 10:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches එක්දින තරගයේ ජය ගලහිටියාවට

එක්දින තරගයේ ජය ගලහිටියාවට

editorial - 2023 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගලහිටියාව මැදි විදුහල සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහල අතර පැවැත්වෙන ‘මැදි විදුහල් සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති 9 වැනි එක්දින තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කිරීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය ඩඩ්ලි සේනානානයක විදුහලට ඕවර 43.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි.

මෙම තරගයේදී කේෂව කවීන් (60) ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ෂේන් ඩිලාන් ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ගලහිටියාව මැදි විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 207
(කේෂව කවීන් 60, එසඳ සිතුම් 46, මිහිරාන් හර්ෂණ 33/3, ඉසුරු උදයංග 38/2)

ඩඩ්ලි සේනානායක මැදි විදුහල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 129
(මිහිරාන් හර්ෂණ නොදැවී 44, ෂේන් ඩිලාන් 12/3, පමෝත් ලක්සෙන් 16/2)

 


අදහස් (0)

එක්දින තරගයේ ජය ගලහිටියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.