Last Update  :  2026-04-25 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඔලිම්පික් මුල් පුටුව අසංගට

ඔලිම්පික් මුල් පුටුව අසංගට

editorial - 2026 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීට ස්වල්ප මොහොතකට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026 -30) එහි සභාපති ධූරයට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ  වත්මන් සභාපති අසංග සෙනෙවිරත්න මහතා වැඩි ඡන්ද පහකින් තේරී පත් විය.

එහිදී සෙනවිරත්න මහතා ඡන්ද 16 ක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදී සභාපති අපේක්ෂකයන් වූ  ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ඡන්ද 11 ක්ද ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස් මහතා ඡන්ද දෙකක්ද ලබා ගත්තේය.

අසංග සෙනවිරත්න මහතා මෙරට ඔලිම්පික් කමිටුවේ මුල් පුටුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඔහු ඊට පෙර කමිටුවේ උප සභාපති ධූරයක් දරා තිබේ.

නිලවරණයේදී සභාපති ධූරයට නාමයෝජනා භාරදී සිටි සෙසු අපේක්ෂකයන් වන දේවා හෙන්රි හා ප්‍රිති විරාජ් පෙරේරා යන මහත්වරු නිලවරණය කැදවන අවස්ථාවේදී සිය නාම යෝජනා  ඉල්ලා අස් කර ගත්හ. නිලවරණයේ සෙසු තනතුරු සදහා මේ මොහොත වන විටත් ඡන්දය ප්‍රකාශ කරමින් පවති.

කොළඹ ටොරිංටන් පෙදෙසේ සිය කමිටු ශ්‍රවණාගාරයේදී  නිමාවට පත්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ 2026 - 30 නව විධායක සභාව පත් කර ගැනීමේ නිලවරණය සදහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.

නිලවරණය කැදවීමෙන් පසුව ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමයේ හා ශ්‍රී ලංකා තුන් ප්‍රයාම සම්මේලනයේ ඡන්ද බලය අහෝසි කිරීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ලිඛිතව ලබා දුන් බව කියන  නියෝගයක් ඔලිම්පික් කමිටුවේ නිලවරණ නිරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ ඡන්ද බලය ඊට පෙරම අහෝසි කිරීමෙන් එතෙක් නිලවරණයට සූදානම් කර තිබූ මුළු ඡන්ද ගණන 31 න් 30 කට එසේ සීමා විය. නිලවරණය පවත්වා අවසන් වන තුරු ජාතික ඔලිම්පික් කමිටු පරිශ්‍රයට මාධ්‍යවේදීන් ඇතුළු බාහිර පාර්ශව වෙත ඇතුළුවීම මුළුමණින්ම තහනම් කර තිබුණි.

හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවූයේ ව්‍යවස්ථානුකූලව සභාපති ධූරයේ නිල කාලයන් දෙකක් ඔහු ගෙවා අවසන් කර තිබූ බැවිණි.


අදහස් (0)

ඔලිම්පික් මුල් පුටුව අසංගට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.